ගැහැණු සතුටු කරන්න බැරි ද?


"තමුසේ මාව තේරුම් ගන්නේ නෑ...."

ඕක ගොඩක් කපල් වල එක් පාර්ශවයක් විසින් තව පාර්ශවයකට සුලභව කියන කතාවක්.

එහෙම වෙන්නේ කොහොමද?

මම එයාට හොඳට සළකනවා! ඔබ හිතනවා ඇති...

නමුත්, පිරිමියෙක්ට වඩා ගැහැණියක් ලිංගිකව පිබිදෙන්න කාලයක් යනවා...

බොහෝ වෙලාවට ඇය ලිංගිකව පිබිදෙන්න කලින් ම ඔබ සියල්ල අවසන් කරලා...

ඔබ දන්නේ නෑ සැබවින් ම ඇය සතුටට පත්වුණා ද කියලා.... නමුත් ඔබ උපකල්පනය කරනවා 'ඇය' සතුටින් කියලා...

මේ සම්බන්ධතා පළුද්ද පුපුරා යන මොහොතේ ඔබ ඇයට චෝදනා කරනවා 'ගැහැණු සතුටු කරන්න බැහැ.'

නෑ.... ඔබට ඇයව සෑහෙන්න සෑහීමකට පත් කළ හැකියි....

සෙක්ස් කියන්නේ මීටර් 100 ධාවන තරඟයක් නෙමෙයි... මැරතන් එකක්...

ඔබත් රස විඳින්න... ඇයටත් රස විඳින්න ඉඩ දෙන්න...

ස්ත්‍රී ශරීරයේ ඔබ ලිංගික අවයව ලෙස දකින අවයව පමණක් නොවේ; ඇයගේ ශරීරයම රස ගුලාවක්...

එය ප්‍රවේශමෙන් රස විඳින්න...

එවිට ඇය ඔබට මෙසේ කියාවී 'ඔයා තරම් මාව කවුරුත් තේරුම් අරගෙන නැහැ'

මතක තබා ගන්න... ඇයව තේරුම් ගන්න නම් ඔබ ඇයව හඳුනා ගන්න...

ස්තුතියි 🙏

#Vimukthi

No comments:

Post a Comment