දෙදෙනෙක් එක්ව නිර්මාණය වූ Wonder Women



විලියම් මොවුල්ටන් මාර්ස්ටන් කියන්නේ මනෝ විද්‍යාඥයෙක් වගේ ම රුධිර පීඩනය ඇසුරෙන් සත්‍ය - අසත්‍ය සේවීමට නිර්මාණය කළ යන්ත්‍රයේ පුරෝගාමියෙක්. ඒ වගේ ම ඔහුගේ අදහස් (DISC) තියරි එකේ පෝෂණයටත් හේතු වුණා. [Dominance (D), Influence (I), Steadiness (S), and Conscientiousness (C).]

කොහොම නමුත් විලියම් මාර්ස්ටන් වඩා ප්‍රසිද්ධ වොන්ඩර් වුමන් කොමික් කැරැක්ටර් එක නිර්මාණය කිරීම වෙනුවෙන්.
මේ චරිතය විලියම් මාර්ස්ටන් විසින් නිර්මාණය කරන්නේ ඔහුගේ බිරිඳ වන එලිසබෙත් සහ ඔවුන්ගේ පොදු පෙම්වතිය වන ඔලිව් බර්න්ගේ චරිත එකතු කරලා....

ඔහු සැබවින්ම මේ කාන්තාවන් දෙදෙනාම එකතු වුණාම තමයි වොන්ඩර් වුමන් කෙනෙක් බිහිවන බව දැකලා තියෙන්නේ.

මේ ගැන විලියම් මාර්ස්ටන් කියන්නේ මෙහෙම //‘ඇය සුන්දරයි, දඟකාරයි, කාරුණිකයි, හරිම අහිංසකයි… එතකොට ඔයා බුද්ධිමත්, කෘරයි, හාස්‍යජනකයි, නොම්බර ඒකෙ බැල්ලියක්. ඔය දෙන්නම මාත් එක්ක එකට ඉන්නකොටයි සර්වසම්පුර්ණ ගැහැණියව නිර්මාණය වෙන්නේ' - Professor Marston and the Wonder Women// 

කොහොම නමුත් වොන්ඩර් වුමන් කතාව ඇතුලට විකෘති ලිංගිකත්වය ඇතුල් කරා කියලා විලියම් මාර්ස්ටන්ට චෝදනා එල්ල වෙනවා. ඒ පිළිබඳව වරක ඔහු මෙහෙම පිළිතුරු දෙනවා "සාමය සඳහා ඇති එකම බලාපොරොත්තුව වන්නේ බලහත්කාරයෙන් හා අසීමිත බලයෙන් පිරිපුන් මිනිසුන්ට බැඳීමෙන් විනෝද වීමට ඉගැන්වීමයි. ස්ථාවර, සාමකාමී මානව සමාජයක් සඳහා අපට බලාපොරොත්තු විය හැක්කේ මානව සබඳතා තුළ අනවශ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට වඩා අන් අය විසින් ස්වයං පාලනය කිරීම ප්‍රසන්න වූ විට පමණි. අන් අයට අවස්ථාව දීම, ඔවුන් විසින් පාලනය කිරීම, වෙනත් පුද්ගලයින්ට යටත් වීම වැනි ප්‍රබල කාමුක අංගයක් නොමැතිව විනෝද විය නොහැක."

කොහොම නමුත් ඉතාමත් සතුටින් ජිවිතය ගෙවපු විලියම් මාර්ස්ටන් පිළිකාවක් නිසා අවුරුදු 53 දී ජිවිතයෙන් සමුගන්නවා. ඔහුගේ මරණයෙන් පස්සේ ඔවුන්ගේ පොදු පෙම්වතිය වන ඔලිව් වයස 81 දී මිය යන තුරුම එලිසබෙත් සහ ඔලිව් එකට ජීවත් වෙලා තියනවා. විලියම්ගේ බිරිඳ වන එලිසබෙත් 1993 දී මිය යන්නේ අවුරුදු 100ක් ජීවත් වෙලා.

'Professor Marston and the Wonder Women' චිත්‍රපටය තමයි විලියම් මාර්ස්ටන්ගේ කතාව සම්බන්ධයෙන් තියන හොඳම මුලාශ්‍රය විදිහට මම දකින්නේ...

හොයාගෙන බලන්න; ලිංගිකත්වය ආදරය ගැන අළුතින් කියවන්න....

#Vimukthi

No comments:

Post a Comment