සයිස් එක නෙමෙයි ඩ්‍රයිව් එකයි ප්‍රශ්ණේ....

සයිස් එක පිළිබඳ ප්‍රශ්නය ගොඩක් වෙලාවට පිරිමි අයට තියන එකක් බව තමයි අහන්න දකින්න තියෙන්නේ...

හැබැයි යතාර්ථය ගත්තොත් බොහෝ කාන්තාවන්ද මේ ප්‍රශ්ණය නිසා මානසිකව පීඩා විඳිනවා.

ඇත්තටම පියයුරුවල සයිස් එක ලිංගික ජීවිතයට ප්‍රශ්ණයක් ද?

ඒ ප්‍රශ්ණය මෙහෙම ම ඉතුරු කරලා අපි බලමු ලිංගික කටයුතුවලදී පියයුරු නැත්නම් තනපුඩු උත්තේජනය මඟින් බලපෑමක් වෙන්න පුළුවන් ද කියලා...

සමාන්‍යයෙන් දරුවෙක් තමන්ගේ මවගෙන් කිරි උරා බොනකොට ඔක්සිටොසින් [Oxytocin (Oxt)] හෝර්මෝනය ශ්‍රාවය වනවා.

ඒ ඇයගේ මොළයෙන්..

පර්‍යේශකයන් කියන විදිහට
මේ ඔක්සිටොසින් හෝර්මෝනය ශ්‍රාවය වීම නිසා කිරි දෙන මවත් කිරි උරා බොන ළදරුවාත් අතර දැඩි බැඳීමක් ඇතිවෙනවා.

ඉතින් මේ කාරණය ම පදනම් කරගෙන ඇතැම් පර්‍යේශකයන් පවසන්නේ පියයුරු ලිංගික කටයුතු වල දී දෙදෙනා අතර සම්බන්ධතාවය වර්ධනය කරන්න හේතුවන බව.

ඊලඟ කාරණය ගත්තාම බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න මිත්‍යා අදහසක් තමයි විශාල පියයුරු ඇති කාන්තාවන් කාමුක බවත්, කුඩා පියයුරු ඇති කාන්තාවන් කාමුක නොමැති බවත්...

මේ අදහස පට්ට පල් බොරුවක් බවට ඇතැම් විට ඔබටත් අත්දැකීම් ඇති. කොහොම වුණත් කාන්තාවකගේ පියයුරු වල ස්වභාවය තීරණය වන්නේ බොහෝදුරට ඇයගේ උපතේ දීමයි.

ඒ වගේම විශාල පියයුරු තිබෙන කෙනෙක්ට තියන ලිංගික විභවය (sex drive) අඩු වෙන්න පුළුවන් වගේම කුඩා පියයුරු තියන කෙනෙක්ට වැඩි ලිංගික විභවයක් තියෙන්නත් පුළුවන්.

ඒ වගේම *නියම_ලෙස උත්තේජනය කළහොත් පියයුරේ ප්‍රමාණය නොසලකා ඕනෑම කාන්තාවක් ලිංගිකව සක්‍රිය කරගන්න පිරිමියෙක්ට පුළුවන්...

ඒ නිසා සයිස් එක පොඩියි කියලා වද වෙන්නේ නැතුව ප්‍රශ්ණය ලිංගික විභවය පැත්තට ටර්න් කරගන්න.

ස්තුතියි.

#Vimukthi | Sex Positive Education in South Asian

පෙර ලිපි:

සෙක්ස් කරන්න ගිහින් දණහිස් පාරක් කාලා තියනවද? එහෙනම් මේක කියවන්න. [http://www.vimukthidushantha.com/2020/04/520.html]

ගැහැණු සතුටු කරන්න බැරි ද? [
http://www.vimukthidushantha.com/2020/04/74.html]

No comments:

Post a Comment