සෙක්ස් කරන්න ගිහින් දණහිස් පාරක් කාලා තියනවද? එහෙනම් මේක කියවන්න.



"ඒක නැතුව ඕන දෙයක් කරමු!"
"ඒක වෙන දවසක."
"මට බයයි."
"මට බෑ!"

සමහරවිට ඔබ මේ කතා අහලා ඇති. නැත්තම් ඔබ මේ කතා කියලා ඇති.

අඩුම ගාණේ ඔබ හොඳ දණහිස් පාරක් කාලා ඇති....

රුපියල් 2,000ක් 5,000ක් වියදම් කරගෙන 'නිදහසේ ඉන්න' එහෙම නැත්තම් 'නිදහසේ කතාකරන්න' තැනකට ගියාම මෙහෙම කතාවක් අහපුවාම කොල්ලෙක්ට සරලව ම කියනවා නම් මල පනිනවා...

ඒත් ඇයි කෙල්ලෙක්ට එහෙම වෙන්නේ...

ඒකට හේතුව ලිංගික සංසර්ගය සඳහා ඇති අකමැත්ත නෙමෙයි...

ඒ සඳහා ඇති බිය.

ලිංගික සංසර්ගයට බිය වීම තරමක සාමාන්‍යය තත්ත්වයක්!

ඒ හින්දා කෙල්ලව කන්න හදන්නේ නැතුව ඇයට සමීප වෙන්න... ඇයගේ කතාව අහන්න...

නවතින්න!

මේක වෙන්න පුළුවන් කෙල්ලෙක්ට විතරද? නෑ! අඩු වැඩි වශයෙන් කොල්ලෙක්ටත් වෙන්න පුළුවන්... ඒක මතක තියාගෙන ඉතුරු ටික කියවන්න...

බොහෝ වෙලාවට මේ බය ඇතිවෙන්න පුළුවන් හේතු කිහිපයක් තියනවා. මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ලිංගික සංසර්ගය සහ ඊට අදාල කරුණු වැරදි ලෙස වටහා ගැනීම හෝ ඒ සම්බන්ධ නොදන්නා කම.

ඒ වගේම කුඩා කාලයේ ලිංගික අපයෝජනයට ලක්වන දරුවන්ටත් මෙවැනි භීතීකාවන් ඇතිවෙන්න පුළුවන්.

කොහොම වුණත් මේ බිය තුලින් ඇතිවන ප්‍රතික්ෂේප වීම වෙන්නේ කොහොමද?

මම පෙර කිව්ව හේතු නිසා හෝ වෙනත් හේතුවක් නිසා ලිංගික සංසර්ගයට ඇති බය යටි සිතට ඇතුළුවෙලා තියෙනවා. ඒ බය නිසාම සංසර්ග ක්‍රියාවලියක් ආරම්භ කිරීමට යාමේ දී යෝනි මාර්ගය පහළ කොටසේ මාංශපේශි දැඩි සංකුංචනයකට ලක්වෙනවා.

ඉන් ඇයට දැඩි වේදනාවක් ඇතිවෙනවා. මේ වේදනාව නිසා තමයි නොදැනීම දනිස් පාරක් එහෙම ඔබට වදින්නේ...

කොහොම වුණත් මෙය ඇයගේ වරදක් නෙමෙයි. සිතේ ඇතිවන බිය නිසා සංසර්ගය ප‍්‍රතික්ෂේප කිරීමක් පමණයි මෙහිදී සිදුවන්නනේ.

මේ තත්ත්වයට මනෝ විද්‍යාවේදී වජිනිස්මස් (Vaginismus) කියලා කියනවා.

මෙය මානසික ලෙඩක් හෝ ශාරීරික ලෙඩක් නෙමෙයි.

ඇය හා කරන පුංචි සාකච්ඡාවකින් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන්...

වඩා වැදගත් වන්නේ ඇයව තේරුම් ගැනීම...

මතක තබා ගන්න... ඇයව තේරුම් ගන්න නම් ඔබ ඇයව හඳුනා ගන්න...

ස්තුතියි 🙏

#Vimukthi

පෙර ලිපිය 👉 ගැහැණු සතුටු කරන්න බැරි ද? [http://www.vimukthidushantha.com/2020/04/74.html]

No comments:

Post a Comment