Ill Poya

ඉල්.





ආනන්දයේ 127 උපන් දිනය පහු වුනා. මම ඒ ගැන පොස්ට් එකක්වත් නොදැම්මේ ඇයි කියලා ඔයාලා හිතන්න ඇති. ඉතින් මට ආනන්දය විතරක් නෙමෙයි අනිත් අය ගැනත් කියන්න ඕනේ උනා ඒ නිසා තමයි මේ විදිහට මීට මාස කිහිපයකට කලින් අනඳ විදුහල්, හෙළ සිසු හවුලේ වාර්ශික දින දසුනට මම ලියපු ලිපියක් සංස්කරණය කරන්න තිරණය කරේ.

ආදි කතුවර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් මහත් වූ ගෞරවයෙන් බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික අනඳ හිමියන්ගේ නාමයෙන් ආනන්දය නම් කළේ බොදුනුවාගේ රක්ෂා ස්ථානය ආනන්දය වනු ඇතැයි විශ්වාසයෙනි. අවසානයේ එම විශ්වාසය තව තවත් පුළුල් වුයේ , මෙරට කිසිදු පාසලකට නොමැති තරම් ශාඛාවන් ගණනාවක් ආනන්දය විසින් රට පුරාම පිහිටුවීම නිසාවෙනි. 1891 දී, ආනන්දය ආදර්ශයට ගනිමින් එකල "මැටි මාලිගය" ලෙස හැඳින්වූ මියුසියස් විදුහල බිහිවී ඇත.
ඉන් පසු 1925දී තම සහෝදර පාසල ලෙස කොළඹ නාලන්දා විදුහල ආනන්දය විසින් ම බිහිකරගෙන ඇත. එතැනින් ද නොනැවතුනු ආනන්දය 1925 දී ආනන්ද බාලිකා විදුහල ද, 1940 දී පන්නිපිටිය ධර්මපාල විදුහල ද බිහි කළ අතර එබැවින් ආනන්දයේ පමණක් නොව ආනන්දයේ සවියෙන් බිහිවූ අනෙකුත් පාසල්ද ආදී කතුවර ගුණානන්ද හිමියන්ගේ විශ්වාසය රැක ගත යුතු නොවේ ද? 







වප් මස වප් කළ ඉල් (කොළ )හැදෙන ම ඉල් ය. උල් හැඩය නිසා කොළ "උල්" වේ. උල් ම ඉල් වේ.



පසුව ලියමි:- ආනන්දය ගැන ලියවුනු ගොඩක් පොත්, ලිපි මම කියවලා තියනවා ඒත් අපේ දනුල ලියපු එක තමා මට හම්බ වෙච්ච විශිෂ්ටම ලිපිය, ඒක පහල ලින්ක් එකෙන් කියවන්න.












විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

No comments:

Post a Comment