සමාජ ජාල විකෘතිය සහ කේරලයේ සර්පයා.

2017 වසරේ ඉන්දියාවේ කේරලයේ කෝචී කියන නගරය කේන්ද්‍ර කරගෙන මෙට්‍රෝ දුම්රිය සේවයක් [Kochi Metro] ආරම්භ වෙනවා. අර ලංකාවේ මාළඹේ ඉදන් කොළඹ කොටුවට එන කලම්බු ලයිට් රේල් [Colombo Light Rail] එක වගේ එකක්...

කොහොම හරි කතාව මෙහෙමයි, අළුතින් දියත් කරන ලද කොචි මෙට්‍රෝ එක ගැන කේරළයේ හැමෝම සතුටු වෙන අතරේ මෙන්න මනුස්සයෙක් ශීට් එකක නිදාගෙන යනවා...

ඉතින් මේ මනුඉස්සයගේ ඡායාරූපයක් අරගෙන් ඔය මෙට්‍රෝ එකේම යන මනුස්සයෙක් සමාජ මාධ්‍යට මුදාහරිනවා බීමත් මනුස්සයෙක් කියලා.

පැය කීපයක් ඇතුලත මේ ඡායාරූපය වයිරල් වෙනවා. අන්තිමට සමාජ මාධ්‍ය මේ මනුස්සයාව පතුරු ගහන්න පටන් ගන්නවා 'කේරළයේ සර්පයා' කියලා.

ඒත් ඇත්තටම වුණේ මොකද්ද?

මේ මනුස්සයා බීමත්ව ඉදලා නැහැ... ඒ විතරක් නෙමෙයි, මේ මනුස්සයා කථන හා ශ්‍රවණාබාධිත පුද්ගලයෙක් එහෙම නැත්තම් ගොළු පුද්ගලයෙක් ද වෙනවා.

ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ මේ මනුස්සයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කරලා හිටපු තමන්ගේ සහෝදරයා බැලීමට රෝහලට ගිහිල්ලා ආපසු පැමිණෙන අවස්ථාවේ තමා මහන්සියට නින්ද ගිහින් තියෙන්නේ.

කොහොම නමුත් මේ ඡායාරූපය නිසා මේ ගොළු මනුස්සයා සහ ඔහුගේ ගොළු බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ සියළු දෙනාම පාහේ දැඩි අසරණකමකට වගේම පීඩාවන්ටත් පත්වෙනවා.

කොහොම නමුත්, මේ මනුස්සයට වෙච්ච ආන්දොලනාත්මක සිද්ධිය නිර්මාණාත්මක ලෙස චිත්‍රපටයක් ලෙස මේ වසරේ එළියට ආවා.

මලයාලම් චිත්‍රපටයක් වන මෙහි නම Vikrithi Movie.

කොහොම නමුත් මේ කතාව සමාජ ජාල මාධ්‍ය භාවිතය ගැන ආයෙත් හිතන්න කතාවක් හැමෝගෙම හිත්වල ඉතුරු කරනවා.

#Vimukthi


No comments:

Post a Comment