Super 30: ගුරුවරු ගැන වෙනස් කතාවක්!


ගුරුවරු ගැන කතා කරන කාලයක් නිසා මේ කතාව ලියන්න හිතුවේ.. ආනන්ද් කුමාර් (Anand Kumar) කියන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගුරුවරයෙක් වගේම දක්ෂ ගණිතඥයෙක්...

මේ මනුස්සයා ඉන්දියානු තාක්ෂණික ආයතනයට (IIT) ප්‍රවේශ වන විභාගයට මුහුණ දෙන්න ආර්ථික හැකියාවක් නැති අන්ත දුප්පත් දරුවන් වෙනුවෙන් නොමිලේ උගන්වන්න පටන් ගන්නවා.

මේ විභාගයට ඉන්දියාවේ ළමයි මිලියනයකට අධික ප්‍රමානයක් ඉල්ලුම් කරනවා. ඒ අතරින් 10,000කට ආසන්න ප්‍රමාණයක් තමයි සුදුසුකම් ලබන්නේ... මේ ඉල්ලුම සහ තරඟකාරීත්වය නිසාම මේ ප්‍රවේශ විභාගයට උගන්වන ගුරුවරු සහ ආයතන ඉහළ මිලක් අය කරනවා...

ඉතින් එච්චර ඉල්ලුමක් තියන විභාගයකට නිකම් උගන්වන්න ආනන්ද්ට පට්ට සල්ලියක් ඇති නේද කියලා ඔබ හිතනවා ඇති. නෑ! ඔහුගේ පවුල බොහොම අමාරුවෙන් මේ දරුවන්ට කෑම බීම දෙමින් තමයි උගන්වන්නේ...

කොහොම නමුත් ආනන්ද්ගේ මේ උත්සහය අති සාර්ථක වෙනවා... ඔහුගේ සිසුන් අති බහුතරයක් මේ විභාගය සමත්වෙනවා... (ඇතැම් වසර වල සිසු සිසුවියන් 30 දෙනාගෙන් 30 දෙනාම)

මේ ආනන්ද් කුමාර්ගේ කතාව මේ වසරේ චිත්‍රපටයක් විදිහට නිකුත් වුණා... ඒ චිත්‍රපටයේ ආනන්ද්ගේ චරිතයට පන පොවන්නේ සුපිරි බොලිවුඩ් තරුවක් වන රිතික්... චිත්‍රපටයේ නම 'Super 30'.

ආනන්ද් කුමාර් කියන්නේ තමන්ගේ සිසුන්ට බොරු කිය කියා කාලය කන්නේ නැතුව අසීමිත කැපවීම තුලින් ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා පෙන්වපු ගුරුවරයෙක්...

#Vimukthi

No comments:

Post a Comment