'වඩා වැදගත්වන්නේ ජීවත් වූ කාලය නොව... ජීවත් වූ කාලය ගෙවා දැමු ත්‍රිව්රතාවයයි.'

Queen 👑 කියන්නේ මම පට්ට ආස බෑන්ඩ් එකක්... මේ ගැන කිසිම අයිඩියා එකක් නැත්තම් මතක් කරන්න 'We are the champions' සිංදුව... මේ සිංදුව කියන බෑන්ඩ් එක ගැන තමා මේ කතාව...

Freddie Mercury තමා බෑන්ඩ් එකේ ලීඩ් සිගර්, එහෙම නැත්තම් ස්ටාර් 🌟 එක...

ෆ්‍රෙඩී මැරෙන්නේ අවුරුදු 45කට විතර කිට්ටුව... තමන්ගේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ දී... මරණයට හේතුව HIV/ AIDS එක්ක එන නිව්මෝනීයා රෝගයක්..

ෆ්‍රෙඩී මර්කරි යනු පුරුෂ සමලිංගිකයෙක් (Gay). නමුත් ෆ්‍රෙඩී විවාහ වී (ගිවිසගෙන) සිටියේ මේරි ඔස්ටින් එක්ක. මේ සමලිංගික හුටපටයෙන් පස්සේ මේරී, ෆ්‍රෙඩීගෙන් දික්කසාද වුණත්...
ෆ්‍රෙඩී වෙනුවෙන් හැම මොහොතක ම ලඟින්ම හිටියා... ඇත්තෙන්ම ඇය හොඳම යෙහෙළිය බවට පත්වුණා.

ෆ්‍රෙඩීගේ කතාව ඔවුන්ගේ අතිශය ජයප්‍රිය ගීතයේ නමින්, එනම් 'Bohemian Rhapsody' නමින් ම නිර්මාණය වෙච්ච සිනමාපටයෙන් ඔබට රස විඳින්න පුළුවන්...

අවසාන වශයෙන් මට ලියන්න ඕනේ මෙච්චරයි...

'වඩා වැදගත්වන්නේ ජීවත් වූ කාලය නොව...
ජීවත් වූ කාලය ගෙවා දැමු ත්‍රිව්රතාවයයි.'

#Vimukthi

No comments:

Post a Comment