ඇලන් ටියුරින් සහ අනාගත කාලයේ සමාව.


ඇලන් ටියුරින් (Alan Mathison Turing) වයස අවුරුදු 41ක දි සියදිවි නසා ගත්ත පුද්ගලයෙක්...

මිලියන 14කට අධික මිනිස්සු ප්‍රමාණයක ජීවීත බේරගත්ත මේ මනුස්සයා දෙවන ලෝක යුද්ධය වසර දෙකකින් අඩුකරන්න දායක වෙලා තියෙන්නේ ජර්මන් ඔත්තුසේවා භාවිතා කරපු 'එනිග්මා' කියන යන්ත්‍රය බිඳ දැමීම නිසා...

නමුත්, මේ මනුස්සයා අවාසනාවන්ත ලෙස වයස 41 දී, සියදිවි නසා ගන්නේ ඔහුගේ ලිංගික නැඹුරුව වෙනස් කරන ලෙස අධිකරණ තීන්දුවක් මත හෝමෝන ප්‍රතිකාර (බලහත්කාරකම්) ලබා ගනිමින් සිටින අතරවාරයේ....

පරිගණක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය යන විෂයයන්හි පියා වශයෙන් ද සැලකෙන්නේ අපේ කතා නායකයා වෙන ටියුරින්...

2009 වසරේ දී බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ අන්දම පිළිබද බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් නිල වශයෙන් මහජනයාගෙන් සමාව ඉල්ලුවා... ඒ වගේම 2013 දී දෙවැනි එළිසබෙත් මහරැජින ඔහුට මරණාපර සමාව ප්‍රදානය කර සිටියා...

ඔහු ගැන කෘති, චිත්‍රපට බොහෝමයක් නිර්මාණය වෙලා තියනවා... මෑතකාලීනව ආපු 'The Imitation Game - Enigma' ඉහළ ජනප්‍රියත්වයක් ලබපු නිර්මාණයක්....

මොනතරම් ඛේදවාචකයක් ද....

මිත්‍රවරුනි, අද අප සමාජයේ වැරදික blog-post රුවන් වුවද, අනාගතයේ නිවැරදිකරුවන් වනු ඇත...

#Vimukthi

No comments:

Post a Comment