මහරගම කරවෙන ගාලු මාතර ජිවිත...


මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගය නිර්මාණය වුණාට පස්සේ මහරගම නගරයේ මාර්ග තදබදය දෙගුණ තෙගුණ වුණා, විශේෂයෙන් සිකුරාදා, සෙනසුරාදා සහ සඳුදා වගේ දවස් වල...

දීර්ඝ සති අන්ත නිවාඩු වගේ ම, අළුත් අවුරුදු නිවාඩුව, වෙසක් නිවාඩුව ඇත්තටම කිව්වොත් මහරගම නගරයේ මිනිස්සු පැය දෙක තුන හිර කරන්න සමත් වුණා....

යහපාලන ආණ්ඩුවෙන් කඩවත අධිවේගී මාර්ගය විවෘත කරාට පස්සේ මහරගමට වෙච්ච දේ හිත ගන්නවත් බෑ!!!

අපි හැම සතියෙම හැම දවසකම මේ වේදනාවට මුහුණ දෙනවා...

ගිනි ගහන අව්වේ පෝලිමේ ඉන්නවට හපන් සමහර සති අන්තවල හොඳටම වැස්ස... ඒ වැස්සේ මාතර, ගාල්ල අධිවීගී බස්වල යන්න මිනිස්සු, සමහරු දරුවනුත් වඩාගෙන වැස්සේම පෝලිමේ ඉන්නවා දැකලා මම පුද්ගලිකව වේදනාවට පත්වෙච්ච වාර අනන්තයි.

මේ තදබදය අඩුකරන්නේ කවදද? මහරගමට කවදද අංග සම්පූර්ණ බස්
නැවතුම්පොළක් ඉදිවෙන්නේ? ඔය ප්‍රශ්න මම විතරක් නෙමෙයි, මහරගම යන එන හැමෝටම මතුවෙච්ච ප්‍රශ්න බව නම් නිසැකයි....

මේ ප්‍රශ්නවලට උත්තරේ තියන මනුස්සයෙක් මීට මාසකිහිපයකට ඉහත දී මට හම්බුණා...

ඒ මනුස්සයා මේ පාර මහරගමින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.... මහරගම දී වේදනාවට පත්වෙච්ච බොහෝ මඟීන්ට මහරගම ඡන්දය නැහැ... මේ සටහන ලියන මටත් නැහැ!!! ඒත්, මහරගම පදිංචි, මහරගමට යන එන හැමෝම වෙනුවෙන් මහරගම ඡන්ද දායකයෝ තීන්දුවක් ගනියි කියලා අපි ප්‍රාර්ථනා කරනවා...

ඒ මනුස්සයා දිනන එක ගැන සැකයක් නැහැ, මට තියන ගැටළුව ජාතික වැදගත්කමක් තියන මිනිහෙක් මහරගම නගරාධිපති වුණොත් කොහොමට හිටියි ද කියලා....

ඒ මනුස්සයාගේ දැක්මෙන් එක පිටුවක් උපුටා ගෙන පහතින් පලකරන්න හිතුණා,

ස්තුතියි!!!

"මහරගම නගරයට බොහෝ කලක සිට අවශ්‍යතාවයක්ව පවතින අංග සම්පූර්ණ බස් නැවතුම්පොළක් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මේ වන විටත් ධනුෂ්ක රාමනායක මහතා විසින් මූලික සැලසුම් සකස් කොට තිබේ.
නුදුරු අනාගතයේදී මුල්ගල තැබෙන මෙම බස් නැවතුම්පොළ නොබෝ දිනෙකින් ඉදි වන මහරගම බහුකාර්ය ප‍්‍රවාහන මධ්‍යස්ථාන සැලසුමේ පළමු ඉදිකිරීම වනු ඇත.
ප්‍රදේශයේ සහ පිටපළාත්වලින් දෛනිකව මහරගමට පැමිණෙන, මහරගමින් පිටත්ව යන සහ මහරගම පසු කරගෙන යන ජනතාවගේ පහසුව සඳහා වඩා විධිමත් ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මහනගර සැලසුමෙන් යෝජනා වී තිබේ.
පොළොව මට්ටමට පහළින් ඉදිකෙරෙන නව උමං දුම්රිය නැවතුම්පොළ නවීන තාක්ෂණික ක‍්‍රමෝපාය භාවිත කරමින් වඩාත් සුවපහසු අත්දැකීමක් ජනතාවට ලබා දෙනු ඇති අතර, වෙළෙඳ ආයතන සඳහාද ඉඩ පහසුකම් සැලසෙන පරිදි ඉහළ ප‍්‍රමිතියකින් යුතුව දුම්රියපොළ සංවර්ධනය කෙරෙනු ඇත.
දුම්රියපොළ සහ බස් නැවතුම්පොළ යා කෙරෙමින් ඉදිකෙරෙන මගී ගුවන් පාලම හයිලෙවල් මාර්ගයට ඉහළින් ඉදිවනු ඇති අතර, රථවාහන තදබදය සහ රිය අනතුරු අවදානම සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීමට එම ව්‍යාපෘතියට හැකි වනු ඇත.
පිළියන්දල පාරට මුහුණලා ඉදිවන, මහල් කිහිපයකින් යුතු රථවාහන නැවතුම්පොළ නගරයේ ඇති රථවාහන නැවැත්වීම පිළිබඳ ගැටලූවට ස්ථීර විසඳුමක් වනු ඇත.
මහරගම ප‍්‍රදේශයේ ජනතාවට සිය පෞද්ගලික වාහනයකින් නගරයට පැමිණීමෙන් පසු අදාළ රථවාහන නැවතුමේ සිය වාහනය නවතා ඉතා පහසුවෙන් දුම්රිය හෝ බස් නැවතුම හරහා සම්බන්ධ වී සිය ගමනාන්තය කරා යා හැකි පහසුකම්මෙමඟින් සැලසෙනු ඇත.
අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම වෙත දින 365 පැය 24 පුරාම කිසිදු තදබදයකින් තොරව පිවිසිය හැකි පරිදි මෙම සැලසුම් ක‍්‍රියාත්මක වනු ඇත."
උපුටා ගැනීම (මාවත : Dhanushka Ramanayake)