මහරගම ගැන කැක්කුමයි තමයි!!!


මහරගම නගර සභාවට මට ඡන්ද බලයක් නැත. නමුත් වසර 7ක සිට මහරගම පදිංචිකරුවෙක් වචයෙන් මෙන් ම අවම වශයෙන් ඉදිරි වසර 5 තුලත් මහරගම පදිංචිකරුවෙක් මහරගම ගැන අදහසක් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතැයි සිතමි.

මහරගම පතිරගොඩ පදිංචිකරුවෙක් වශයෙන් එහි මැතිවරණයට එජාපයෙන් එක් වී සිටින Buddika Prasanna de Silva මහතා කලක පටන් දන්නා හඳුනන අයෙකි. ඔහුට පතිරගොඩ කොට්ඨාශයේ ජයග්‍රහණය ලැබිය හැකි බවට ප්‍රදේශයේ මතයක් නිර්මාණය වී තිබේ. එය සතුටට කරුණකි. ඒ, අතර ම පතිරගොඩ මාර්ග සංවර්ධණය කල ශ්‍රීලනිප මහරගම සංවිධායක ඉසුර දේවප්‍රිය අමතක කිරීම කල නොහැක්කකි.

කෙසේ නමුත්, මහරගම නගරාධිපති විය යුත්තේ කවුදැයි මගෙන් විමසුවහොත් මගේ පිළිතුර ඒ, Dhanushka Ramanayake මහතා බවයි. මා ඔහු පුද්ගලිකව හඳුනන්නේ නැත. නමුත් ඔහු වැදගත්, තරුණ අපේක්ෂකයෙක් බව සිතමි. තමන්ට යහ දැක්මක් ඇති බව මැතිවරණ ව්‍යාපාරයේ පළමු දින කිහිපයේ ම පෙන්වා ඇති ඔහු ආකර්ශනීය මැතිවරණය ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එය මහරගම තාරුණ්‍යය සහ උගත් වියත් වැදගත් ජනතාවත් ආකර්ෂණය කරගත හැකි එකක් වනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.

මහරගම මගේ සහය ධනුෂ්ක රාමනායක වෙත ලබා දීමට තීරණය කලෙමි... ඒ මහරගම අනාගතය ඔහු යැයි විශ්වාස කරන නිසාවෙනි.

ස්තුතියි!