චම්පික ඇමතිතුමෝ, කුණු කෑවා නම් මිට වඩා හොඳයි නේද?


කොළඹ නගරයේ තැත තැන ගොඩ ගැසී තිබූ කසල ටොන් 3000කට අධික ප්‍රමාණයක් ඉවත්කිරීමට කටයුතු කළ බව මහා නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (08) කොළඹ මහ නගර සභාව ඉදිරිපිට පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදී පැවසීය. 

චම්පිකගේ කතාව අපුරුය... මෙතෙක් දවසක් කොළඹ ගොඩ ගැසුණු කුණු ප්‍රශ්නය චම්පික විසදීමට සමත්ව තිබේ.

නමුත්, කොළඹ කුණු ගොඩ ගැසුනේ කෙසේ දැයි මාස කිහිපයක් පසුපසට ගොස් බැලු විට අවබෝධ වේ.

2017 අප්‍රේල් 17 හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් චම්පික පැවසුවේ,

"එළඹෙන මැයි මස පළමුවනදා (1) සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිඳු ඉඩමකට කුණු බැහැර කරලීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇති බවත්, යම් නගර සභාවකට, ප‍්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍යවන්නේ නම් එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් අදාල වියදම පියවීමට සිදුවන බවයි."

කොළඹ කුණු කඳු ගොඩගැසීම පසුපස ඇත්තේ චම්පිකගේ මෙම කුණු දැමීම තහනම් කිරීමයි. අනතුරුව චම්පික කුණු ප්‍රශ්නය විසඳීම තම කරට ගන්නේ ජනාධිපතිවරයාගේ ද ආශිර්වාදය ඇතුව ය.

චම්පික මාධ්‍ය හමුවක් තබමින් ඊයේ පම්පෝරි ගැසුව ද චම්පික කල එකම දෙය වුයේ තමන් ම තහනම් කල ඉඩම් වලට කුණු ගෙන ගොස් දැමීමයි...

අනතුරු මාධ්‍ය හමුවක් කැඳවමින් වීරයා ලෙස රංගනයක නිරත විය.

අවසානයේ අපට කීමට ඇත්තේ වීරයා දැන් ඉන්නේ අමු හෙළුවෙන් බවයි...

-විමුක්ති