නාකී තුෂාරලාගේ සුරාන්තය.


මිනිසුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් විවිධය ඇතැම් ඒවා හඳුන්වන්නේ විකෲති ලිංගික හැසිරීම් කියාය.

එවන් එකක් වන්නේ දුරකථන සංවාද මඟින් කරන ලිංගික ක්‍රියාකාරකම් ය. ඒවා සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ Phone Sex යනුවෙනි.

මෙසේ Phone Sex වල නිරත වන බහුතරයක් Phone එකෙන් දාන වැඩ කිඩ කාන්තාවන් ඉදිරියේ දාගැනීමට තියා කාන්තාවක් ලඟින් යන විටත් දනිස් පන නැතිවන ලිංගික බෙලහීනයන්ය. 

තුෂාර වන්නිආරච්චිලා ද අයත්වන්නේ මේ කුලකයටය.

ඔවුන් දුරකතනයෙන් මාධ්‍යවේදීන්ට තග දමන්නේ 'මාත් එක්ක හැප්පිලා බලමු' කියාය. නමුත් කටඋත්තරයක් දෙන්නට පොලිස් ස්ථානයකටවත් යාමට පන නැති සිඟිති පාතාල නායකයා පොලීසියටත් බොරු කියා විදේශගත වී ඇතිබවට මවා පායි.

රටේ අගමැතිගේ සමාජ මාධ්‍ය ප්‍රධානියා යැයි කියාගත්තද සමාජ මාධ්‍ය තියා සාමාන්‍ය දැනුම්වත් නැති මේ බෙලහීන, නිවටයා ඇමරිකාවේ සිටින බවට ස්ටේටස් දමා පැය පහක් ගතවන්නටත් පෙර හුණුපිටියේ සිට මාක් සකර්බර්ග්ට හසුවෙයි.

කට හැරෙන අතට කෙබර ඇද බාන වන්නිආරච්චිලා සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ මත්පැන් බිඳක්වත් තොල නොගාන සුද්ධවන්තයන් ලෙසය.

නමුත් සත්ව හිංසාවට එරෙහිව මාළු නොකන මාළු හොඳි පමණක් කන පන්නයේ විකුර්තිකයෙක් වන මේ බෙලහීනයා මත්පැන් නොබොන මුත් මධ්‍යසාර අඩංගු වයින් විදුරු 3කට සූර් වී රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ලේකම්වරයෙක්ට පිඟන් වලින් පහර දෙයි.

අගමැතිවරයාගේ පස්සෙන් මාස ගණනක් බඩගා ලබා ගත් තනතුරින් හිස උදුම්මවා ගෙන සිටින වන්නිආරච්චිලා තමන් ලබා ගන්නා වැටුපටවත් සේවයක් නොකරන්නෙක් බව ප්‍රකටය.

අගමැතිවරයා වෙනුවෙන් තඹ දොයිතුවක සමාජ මාධ්‍ය ක්‍රියාකාරකමක් නොකරන මෙම හාදයා සම්බන්ධකම් පවත්වන්නේ UNPකාරයන්ටත් වඩා මරාවාදීන් සමඟ බව නොරහසක් නොවේ.

අගමැතිවරයා අපහසුතාවයට පත්වන ආකාරයෙන් එතුමන්ගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කරන තුෂාර, එක්සත් ජාතික පක්ෂයේ Facebook පිටුව තුෂාරගේ පුද්ගලික දේපලක් ලෙස පවත්වාගෙන යන්නේ හිරිකිත අයුරිනි.

කෙසේ නමුත් තුෂාරලා වැනි බෙලහීනයන්ට කිව යුතු තවත් යමක් තිබේ.

ඒ, දැනුවත් කමින් වැඩකරන්නට සාධක 2ක් අවශ්‍ය බවයි.

ඉන් පළමු වන්න නම් තමන් පරිසරයේ ජිවත් විය යුතු බවයි.

දෙවැන්න නම් තමන් අදාළ පරිසරයේ නොසිටියේ නම් දන්නා කෙනෙක් ගෙන් අදාල පරිසරයේ ජිවත් වන හැටි අසා දැන ගත යුතු බවයි.

නැති නම් සිදුවන්නේ අදාල පරිසරයේ සිද්ධිත් නොදැන, සිද්ධි සිදු වූ හැටිත් නොදැන, සිද්ධිවලට මුහුණ දීමටත් නොහැකි වීමයි.

උදාහරණයකින් කියන්නේ නම් තමන් විදේශ ගතව සිටින්නේ නම් ගමේ විස්තර අල්ලපු ගෙදර එකාට call එකක් දී හෝ අසා දැන ගත යුතුය. නැත්තම් සිදු වන්නේ ගමට පැමිණ මුලින්ම තම තාත්තාට පහර දීමයි.

සමාජ ජාල ප්‍රධානීකමක් යනු Share බට්න් එක එබීම පමණක් නොවේ. හය හතර නොතේරෙන කිරි සප්පයන්ටත් Share බට්න් එක එබෙන අවස්ථා තිබේ. හය හතර නොතේරෙන කිරි සප්පයන්ට Share බට්න් එක එබුනු විට නම කැත වන්නේ තාත්තාගේ බව තාත්තලා ද දැන ගත යුතුය. ඒ නිසා තාත්තලා කිරි සප්පයන්ට තමන්ගේ Facebook ගිණුම ලබා නොදිමට වග බලා ගත යුතුය.

ලංකාවෙන් පිට කොහේ ගියත් සිංහල පත්තරය තැපෑලෙන් ගෙන්නාගෙන බලන එකෙක්ට යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය තියා Phone එකේ CLI ඇති බව වත් තේරෙන්නේ නැත. එහෙව් එවුන්ට Phone එකේ Recording ඇති බව වත් නොතේරීම සාධාරණය.

වන්නිආරච්චිලා නොදන්නවා වුණාට වයසින් මුහුකුරා ගිය ඒකාධිපති මහින්දට විරුද්ධව වැඩ කළ UNPයේ බහුතරය තරුණයන් ය. ඒ නිසා වසර 10-15ක් වයසින් වැඩිමහල් වුව ද තග දාන්නට පෙර උගත යුතු කරුණු දෙකක් තිබේ.

පළමු වැන්න නම් තග දාන පුද්ගලයාගේ පැටිකිරිය හඳුනාගැනීමයි.

දෙවැන්න නම් තරුණ අපිට තග දාන්නට පෙර නාකී තුෂාර වන්නිආරච්චිලා තමන්ගේ පුර්ව ළමා විය සංවර්ධනය කර ගත යුතු බවයි.

ස්තුතියි!

-විමුක්ති දුෂාන්ත.