චාලි ඔස්‍ටින් සාධකය සහ ඩිල්ෂාන්ගේ දේශපාලනික ප්‍රවේශය...


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්නට යමක් ඉතුරු වී නොමැති බව සත්‍යයකි.

නමුත් චාලි ඔස්‍ටින් සාධකය සමඟ අපට මතුවූ එක් පැනයක් තිබේ....

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ චාලි ඔස්‍ටින් සාධකය නම් ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ තේරීම් කමිටුව කුමක් කරන්නේ දැයි ගැටලුවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිසි ගැටලුවලට පිළියම් සෙවීම වෙනුවට පරාජයන්ට හේතුව ලෙස කොහේදෝ සිටි චාලි ඔස්‍ටින් සාධකය කරලියට ගෙන විත් තිබේ.

නමුත් මේ පසුපස ඇති දේශපාලන කාරණයක් ඇතැයි මට සිතේ...

අර්ජුන සහ ඩිල්ෂාන්ට තම පිරිහී ගිය පෞර්ෂත්වය සහ කිර්තිය යලි ඉහල නංවා ගැනීමට අවශ්‍යව තිබේ.

ඊට ඇති ලොකුම බාධාව නම් සංගක්කාර සහ මහේල යන සාධකයි...

එහෙයින් ඔවුන්ගේ කිර්ති නාමයට හානි කිරීම මෙම හදිස්සියේ කරලියට ආ චාලි ඔස්‍ටින් නාටකය ගොනුවී ඇතැයි මට සිතේ.

චාලි ඔස්‍ටින් ඔය කියනා තරම් හානියක් සිදු කරන තෙක් බලධාරීන් පොල් ගෑවා දැයි අවසානයේ විමසමි...

අනාවැකිය : ඩිල්ෂාන් මීළඟ මැතිවරණයට තරඟ කරන බවත්, ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපෘතියේ පළමු අදියර මෙය බවටත් මෙන්න කැට....

-විමුක්ති