ඊ නිවුස් සඳරුවන්ට දැන් ඩොලර් නැද්ද? 'ඊයා හලෝ'


අද රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක නැත. ජිවන වියදම සේම රජයේ බදු ප්‍රතිපත්තිය ද වර්තමාන ආණ්ඩුවට අවාසිදායක අඩියකට වැටි තිබේ. 

මෙසේ තිබිය දී වත්මන් ආණ්ඩුවට ඇති එකම වාසිදායක සාධකය නම් රාජ්‍ය මාධ්‍ය ස්වාධින වීමයි. මහින්ද රාජපක්ෂ පාර්ශවය පවා නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවා වත්මන් ආණ්ඩුවේ අගය කරන එකම සාධකය වන්නේ රාජ්‍ය මාධ්‍ය ස්වාධීනතාවයයි.

සිවිල් සංවිධාන, ස්වාධීන මාධ්‍ය ක්‍රියාධරයන් මෙන්ම ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවා රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව වත්මන් ආණ්ඩුවට ප්‍රසංශා පලකරන සමයක රටෙන් බැහැරව සිටින ලංකා ඊ නිවුස් කතෘතුමාට පසුගිය දා ලේක්හවුස් ANCL - Lake House ආයතනයේ Dinamina Newspaper දිනමිණ අන්තර්ජාල ප්‍රකාශනයේ (Online Edition) පළවූ පුවතක් පිළිබඳව කලකිරීමක් ඇතිව තිබේ.

ලංකා ඊ නිවුස් කතෘතුමාට මෙවැනි කලකිරීමක් ඇතිවීම සාධාරණය. මන්ද එතුමා දන්නා මාධ්‍ය සධාචාරයක් හෝ ආචාරධර්මයක් නැත. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර ගොස් වසර එකහමාරක් ගතවුව ද එතුමාට මෙරටට පැමිණීමට නොහැකිව ඇත්තේ මස් පතා ලැබෙන ඩොලර් කුට්ටි නොලැබී යාමේ තක්කඩිකම නිසා වෙනි.

අපට ලංකා ඊ නිවුස් කතෘතුමාට ළඟදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබුණු දොළ පිදේනි ගැන කීමට අවශ්‍ය නොවේ නමුත් සැමවිටම සමබර වාර්තාකරණයක් සිදුකිරීමට උත්සහ දරන දිනමිණ අන්තර්ජාල ප්‍රකාශනය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ස්වාධීනතාවයට එරෙහි වීම අශික්කිත බව නම කිව යතුය.

ජනවාරි 8 විප්ලවයෙන් මෙරට සමාජය බලාපොරොත්තු වුයේ ආණ්ඩුවේ හොරණෑ මාධ්‍ය සධාචාරයක් බිහි කිරීම නොවේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඡන්දය දුන් 62 ලක්ෂයේ මෙන්ම මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් 58 ලක්ෂයෙත් බදු මුදල් වලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය මේ සියල්ලන් වෙනුවෙන් පෙනී සිටි යුතු බවයි.

රාජ්‍ය මාධ්‍ය එම මඟ ගෙන යන ජනාධිපතිවරයා, අගමැතිවරයා සේම ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාට පුරවැසියන් ලෙස අප ස්තුතිවන්ත විය යුතුය.

එසේම රාජපක්ෂ සංස්කෘතිය යලි මෙරට ඇති කර යලිත් ඩොලර් කුට්ටි සෙවීමේ ආශාවෙන් පෙලෙන ලංකා ඊ නිවුස් කතෘතුමා ගැන අපට නම් කීමට ඇත්තේ 'ඊයා හලෝ' කියාය.


- විමුක්ති දුෂාන්ත | Vimukthi Dushantha Rawanasinghe
#විදූ | #ViDhu
#lka | #SriLanka | #Colombo 

No comments:

Post a Comment