පන්ගුකාරී නැති හීනේ ආයෙත් පන ගැහෙනවා - Dream without U


ආයෙත් මේ ලියවෙන්නේ කාලෙකට කලින් ජීවිතෙන් අත්හැරලා දාපු බ්ලොග් එක....

ඒ අත්හැර දැමීම වගේ ම මේ පටන් ගැන්මත් හීනයක් වගේ. කොහොම වුනත් ජීවිතේ පටන් ගත්තේ හීනයක් වගේ වෙන්න ඇති. 

මොකද මමත් තාමත් හින දකින්නෙක්. 

ඇමරිකානු වර්ණ බේද සටනේ පෙරමුණ ගත්ත ‘මාර්ටින් ලූතර් කින්ග්’ ප්‍රසිද්ධ දේශනයක් කරනවා “I Have a Dream” කියලා. 

හැබැයි මාර්ටින් ලූතර් කින්ග්ගේ සිහිනය සැබැවෙන්නේ බැරැක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙනවත් එක්ක. 

ඒක දකින්න අද ‘මාර්ටින් ලූතර් කින්ග්’ නැහැ. 

ඒක තමා හීන දකින හැමෝගෙන් ම ඔහු වෙනස් වෙන්න හේතුව. තමන් නැතුව හීන දකින එක මාරයි. තමන් නැති හීන මාර ගති. ඒ විතරක් නෙමෙයි අනිකා වෙනුවෙන් දකින හීන සැබෑ කරන්න වැඩ කරන එකත් පට්ට. ඒ වෙනුවෙන් වැඩකරන කොට ඒ දේවල් වලින් ප්‍රතිලාභ අත්විදින වුන්ම ඔළුවට අත් හෝදන එකත් නරකම නැහැ. 

"මටත් හීනයක් තියනවා" ඒත්,

ඒ හීනේ පන්ගුකාරී අද මම ලඟ නැහැ. 

ත්.............?

පටන් ගත්ත ජීවීතේ හිතුමතේ ඉවර කරන්න බැරි හින්දා ආයෙත් 'රාවණසිංහගේ අඩවියේ' හෙට ඉඳන් අකුරු පන ගැහෙනවා.


ඔව්! අපි ජිවත් වෙමු!!!

ස්තුතිය : ආයෙත් බ්ලොග් එකට පන ගහන්න ආරධනා කරපු දනුල




විමුක්ති දුෂාන්ත | Vimukthi Dushantha Rawanasinghe
#විදූ | #ViDhu


No comments:

Post a Comment