වෙනස සැපද...? අපමන අගය ලැබුනාද ..? - Change?


දේශපාලන බල ක්‍රීඩාවේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බව ශ්‍රී ලාංකීය දේශපාලනය තව දුරටත් පසක් කරමින් සිටින මෙවන් මොහොතක අද දින දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය හොඳද? නරකද? යන්නට වඩා ඒ පිළිබඳව පුළුල් සංවාදයක් ඇති විය යුතු යැයි විශ්වාස කරමි.

වත්මන් දේශපාලන ක්‍රමවේදයන් සේ ම ඊට විකල්ප ප්‍රවාහයක් ලෙස ගොඩ නැඟුණු ජවිපෙ සේම පෙරටුගාමින් ද ගමන් කරමින් තිබෙනුයේ ආත්මාර්ථකාමී අවස්ථාවාදී දේශපාලන ගමනකි.

මෙම ක්‍රමවේදයට එරෙහිව දේශපාලනය කලයුතු කාලය දැන් එළඹ ඇතැයි මගේ විශ්වාසයයි. 

අළුත් ආරම්භයක් - නව දේශපාලන බලවේගයක් අවශ්‍ය කරමින් තිබේ. ඒ වෙනුවෙන් පඩංගු සමාජ චින්තකයන්, රැඩිකල් මානසික රෝගීන්, බේබදු විචාරකයින් නොව අනන්තය තෙක් කැප කල හැකි මිනිසුන් ඕනෑකර තිබේ.


විමුක්ති දුෂාන්ත | Vimukthi Dushantha Rawanasinghe

‪#‎විදූ‬ | ‪#‎ViDhu‬

No comments:

Post a Comment