Yashika

යශිකාගේ පූස් දානය!





අද අපේ යශිකා ගේ පූස් පැටියගේ දානේ. ඉතින් ඒක නිමිත්තෙන් අපේ Group එකේ සෙට් එක යශිකලාගේ ගෙදර යන්න තීරණය කරා. මොකද පන්සලකට දානේ දුන්නට අපිට කෑම වේලක් දෙන එක යශිකාටයි පූස් පැටියටත් ඊලඟ ආත්මේදීත් මේ විදිහටම සෙට් වෙන්න තරම් පිනක්නේ. ගමන්ට එකතු වෙන්න බැරි වුනේ අපේ නංඟටයි, කැඩාටයි, නඳුන්ටයි, අරාටයි. යශිකා හොඳට වැඩේ Organized කරලා තිබුනා. යශිකාගේ අම්මත් මෙතන මතක් නොකලොත් අඩුවක්.


කොහොමහරි උදේටත් කන්න යන්න බලාගෙන 8ට මහරගමින් එළියට බැහැපු මම වේයන්ගොඩ තියන යශිකලාගේ ගෙදර යනකොට 2යි. පැය 6ක් ම පාරේ. වැඩේ උනේ මෙහෙමයි. මහරගමින් ඉක්මනට යන්න ඕනේ හින්දම 138ක නඟින්නේ නැතුව 125ක නැඟලා කොටුවට ආවා. කොටුවට ඇවිත් බලපුවාහම Train Driversලා වැඩ වර්ජනය කරලා. Tickets දෙන එකත් නවත්තලා. මාර සිද්ධිය පැය භාගයක් විතර බැළුවා මොන කොච්චිද, හරියන පාටක් නැහැ. මම බස් එකේ යන්න තීරණය කරලා එලියට එනකොට දැක්කා වර්ජනයට හේතුව, ගහලා තියන පුංචී දැන්වීමක් "දුම්රිය රියදුරන්ගේ හිඟ වැටුප් ලබා දෙනු" මම හිතුවේ වැටුප් වැඩිකරගන්නවත් කියලා, නැහැ මේ මිනිස්සු ඉල්ලන්නේ තමන් වැඩ කරපු සල්ලි.

අයියෝ වෙල්ගම කියලා හිත හිතා ඇවිත් කෑගල්ල බස් එකක නැඟලා මම පුදුම සතුටකින් ආවේ. ඇයි Katunayake Expressway එක හින්දා මාර්ග තදබදය අඩු වෙලා මට ඉක්මනට යන්න පුලුවන් වෙයි කියලා. මොන පිස්සුද? බේස්ලයින් පාරට දාපු ගමන්ම මගේ බලාපොරොත්තුව රතුපස්වල උණුසුම වගේ ම ඉක්මනට නැතිවෙලා ගියා. පට්ට ට්‍රැෆික්! අපේ බස් එකට අලුත් පාලම (නව නුවර පාලම ) උඩට එන්නම පැය එකහමාරක් ගියා. දාඩිය පෙරෙනවා හෝ ගාලා. ඒ අස්සේ එහා පැත්තේ හිටපු ආච්චි හෝ ගාලා මහින්දට බනිනවා. මට මැරෙන්න හිත යටින් හිනා. ඇයි යකෝ අවුරුද්ද්ම බැනල බැනලා චන්දේ ලං වුනාම මහින්ද ගේ පොර Talk ටික අහලා ආපහු අපේ රජතුමා කියලා බුලත් කොලේට කතිර ගහන්න්නෙත් ඔය ආච්චිලා ටික මනේ. හෙක්!



පාලම උඩ විනාඩි 45යි, අර පාර පටන් ගන්න තැන රවුම කැරකෙන්න පැය භාගයයි... අයියෝ සල්ලි! මගේ කන් ඇත් වෙලා හෝ ගාලා දාඩිය දාලා. කොළඹ පැත්තට යන වාහන පෝලිම ඉවර උනේ පැලියගොඩ ගුවන් පාලම ගාවින්. මම තීරනය කරා එනකොටනම් මේ පැත්තෙම් එන්නේ නැහැ කියලා. ඇයි දෙයියනේ කිසිම ට්‍රැෆික් වැඩි වෙලාවක් නොවන 10 - 12 අතර එහෙම නම් ට්‍රැෆික් වැඩි වෙලාවට කොහොම ඇති ද කියලා. මගේ කොන්ද රිදෙනවා... මේ පෝස්ට් එක තව ලියන්න ඕන වුනත් ලියන්න අමාරුයි කොන්ද නිසා! සමාවෙන්න ඕනේ හැමෝම ඒ ගැන.
කොහොම හරි කටුනායක Expressway එකෙන් වෙලා තියන හොදම දේ තමා මීගමු පාරේ වාහන ටිකත් නුවර පාරට එකතු වෙලා නුවර පාර බ්ලෝක් වෙච්ච එක. මීහරක් ප්‍රතිපත්ති හදන රටක ආශ්චර්‍ය මේක තමා. ඉතින් ට්‍රැෆික් නැතිකරන්න හදපු Expressway එකකින් ට්‍රැෆික් තවත් වැඩිවෙනවා කියන්නේ ඒක ආසියාවේ නෙමෙයි ලෝකේම ආශ්ච්ර්‍ය නෙමෙයිද? ඉතින් අපි ලොවක් හමුවන රටක් තමා!










විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

No comments:

Post a Comment