දුරුතු ඉසුඹුවේ සුද්දන්ගේ නිදහස...
බ්ලොග් එක වෙබ් එකක් වෙලා හුඟ දවසකින් පොස්ට් එකක් දාන්න බැරි වුනා. ඒ ගැන මුලින්ම කණගාටුව. මේ අතපසු වීම ගැන නිදහසට කාරණාව තමා පත්තරේ වැඩ සහ 'Info Sri Lanka News' වෙබ් එකේ වැඩ වලට හිර වෙලා ඉන්න් අතරේ තවත් අළුත් වැඩ කිහිපයකටම අත ගහන්න සිදුවීම. මගේ ලිපි ගැන උනන්දුවක් දක්වන දනුල ගේ විමසීමක් මත තමා මට හුඟ කාලෙකින් මුකුත් ලිවුවේ නැහැ කියලා මතක් වුනේ. නිහඩියාවෙන් පස්සේ මුලින් ම නිදහස ගැන කතා කලොත් නරකද? මේකත් මම අනඳ විදුහල්, හෙළ සිසු හවුලේ වාර්ෂික දින දසුනට මම ලියපු ලිපියක සංස්කරණයක්.
ශ්රී ලංකාවේ නිදහස් දිනය පෙබරවාරි 04 වන දින සමරන්නට සිදුවීම
ජාතියක් ලෙස අපේ අවාසනාවකි. සුද්දන් විසින් යටත් කරගත් ඉන්දියාව, බුරුමය ආදී රටවලට නම්, සුද්දන්ගෙන් ආපසු සිය පාලනය ලබාගත් දිනය 'නිදහස් දිනය' නමට ගැළපෙයි. එහෙත් ‘ශ්රී ලංකාව‘ වනාහි යුද්දෙන් සුද්දන් යටත් කරගත් රටක් නොවේ; ගිවිසුමකින් පාලනය බාර දුන් රටකි. සුදු පාලකයින් විසින් පෙබරවාරි 04 දින ම නිදහස් දිනය ලෙස තෝරාගත්තේ සෝල්බරි සාමිගේ බිරිය ගේ හා නිදහස් පනත තැනු ශ්රීමත් අයිවර් ජෙනින්ස් ගේ උපන් දිනය පෙබරවාරි 04 දිනට ම වූත් නිසාය. එහෙයින් මේ දිනය නමින් 'නිදහස් දිනය' වූව ද ගැති කමේ පදනම මත ලබාදුන් දිනයක් බව ඇතමුන්ගේ මතයයි.
14 බුදු සසුනේ පළමු සඟ සමුළුව පැවැත්වු නවම් පුන් පොහෝ දිනය.
(දුරුතු ඉසුඹුවෙන් පසු නැවත කෙතේ නව කම් ඇරඹෙන මසයි. මෙහි නවකම් නම් පුරන් කෙටිමයි. නව+කම්>නවකම්>නවාම්>නවම්)

විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
No comments:
Post a Comment