නර්තනය කියූ සැණින් ලංකාවේ අපට මතකයට නැගෙ න්නේ උඩරට වෙස් නැට්ටුවන්ය. ඒ තරමටම ඒ නර්තනය අපට සමීප්ය, ළබැඳිය. නමුත් බටහිර නර්තන ශෛලියක් වන ‘සල්සා‘ නර්තන ශෛලියද අපට ආගන්තුක එකක් නොවේ. වයස 80ක සල්සා නර්තන ශිල්පිනියක් පිළිබඳ පැවසුවහොත් ඔබ එයින් පුදුමයට පත්වනු නිසැකය. මන්ද 80 වැනි වියේ පසුවන බොහෝ දෙනෙකුට නර්තනයට තියා ආධාරකයක් නොමැතිව ඇවිද යාමටවත් නොහැකි බැවිනි. ඇය නමින් සාරා පැටි්රෂියාය. 1934 වසරේ ජූලි 1 වැනි දින එංගලන්තේ ස්ටෝර්බි්රජ් ප්‍රදේශයේදී උපත ලද ඇය ලොව වයස්ගතම සල්සා නර්තන ශිල්පිනියට හිමි ගිනස් ලෝක වාර්තාවේ හිමිකාරියයි. ඇය ලොව වයස්ගතම සල්සා නර්තන ශිල්පිනිය වුවද ඇයගේ නර්තන හැකියාව හෝ ඇගේ ඇරොබික් සල්සා නර්තනයන්හි රිද්මයට අභියෝග කළ හැකි කිසිදු නර්තන ශිල්පිනියක් නොමැති බව ඇය 2009 වසරේ පෙන්වා දුන්නේ එම වසරේ දෙසැම්බර් මස පැවති ස්පාඤ්ඤ නර්තන තරගාවලියක් මත ‘ඔම ීස ූමැ ඪ්කැි’ තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගනිමිනි. ඇය එම තරගය ජයග්‍රහණය කළ වයස්ගතම කාන්තාව වූවා පමණක් නොව එම තරගය දිනූ පළමු සහ එකම බි්රතාන්ය ජාතිකයාද විය. ‘මම සරල නර්තනයන් පුහුණුවීම පටන්ගත්තේ මට
26ඔ්ය න්්භඹ්ඍශ 2014
අවුරුදු දෙකහමාරෙදී විතර. මට ඕන වුණේ මේ රිද්මයත් එක්ක ජීවත්වෙන්න. පොඩි කාලේ මම සින්දුවක් ඇහුණොත් තැනක් නොතැනක් නැතුව නටනවා. ඒ හින්දා තමයි මගේ අම්මා මාව නර්තනය පුහුණු වෙන්න අවුරුදු දෙකහමාරෙදීම යොමු කෙරුවේ. අවුරුදු 15ක් විතර වෙනකොට මම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහට අපේ ප්‍රදේශයේ ගොඩක් අය දැනගෙන හිටියා. ඒ කාලේදීම තමයි මම අනිත් අයට නර්තනය පුහුණු කරන්නත් පටන් ගත්තේ. ඒ කාලේ මමත් ගොඩක් නර්තන සම්ප්රදායයන් ඇසුරු කළා. හැබැයි සල්සා තරම් මගේ ඇෙ`ග් රිද්මයත් එක්ක බද්ධ වෙච්ච වෙන දෙයක් නැහැ. ඒකයි මම සල්සාවලට ගොඩක් ආදරේ’ නමුත් ඇය ජීවිතය මෙන් ආදරය කළ නර්තනයෙන් වයස 22ක් වනවිට සමුගැනීමට සිදුවන්නේ ඇය විවාහ දිවියට ඇතුළත් වීම නිසාය. ඉන්පසු ඇයට ඇය ආදරය කරන නර්තනයට සම්බන්ධ වීමට ඉඩක් ලැබුණේ නැත. විවාහ ජීවිතයේ කටයුතු සමග කාර්යබහුල වන ඇයට විවේකයක් ලැබුණු විට තනිවම හෝ නර්තනයේ යෙදීමට සිත් විය. නමුත් එයටද ඇගේ සැමියාගෙන් ඉඩක් ලැබුණේ නැත. ‘සමහර දවස්වලට මම ගෙදර කවුරුත් නැති වෙලාවට තනියම නටනවා. මට ඒ පුරුද්ද නවත්තග න්න බැරි වුණා. මම හිතන්නේ මම නර්තනයට ඇබ්බැහි වෙලා හිටියේ. එක දවසක් මම ගෙදර තනියම නර්තනයේ යෙදෙනවා මගේ සැමියා දැක්කා. එයා මට ඒක කරන්න එපා කිව්වා. ඒත් මට ඒක නොකර ඉන්න අමාරු තත්ත්වයක් තිබුණේ. මොකද නර්තනය මගේ ඇෙඟ්ම කොටසක් වගේ වෙලා තිබුණු නිසා. ඒත් එයාට තිබුණු ආදරේ නිසා මම ආයේ ගෙදරදී නැටුවේ නැහැ. එයා හිතුවේ නර්තනය කියන එක සුදුසු දෙයක් නෙමෙයි කියලා. හැබැයි එයා මට ගොඩක් ආදරේ කළා. මාව හොඳින් බලා ගත්තා. ඒත් මම ආදරේ කරපු දේ දෙන්න එයාට බැරි
වුණා’ සාරා ඉතා හැඟීම්බරව එම ප්‍රකාශය කළේ ඇය ස්පාඤ්ඤ නර්තන තරගය ජයග්‍රහණය කළ අවස්ථාවේදීය. ඇය සැමියා සමග ස්පාඤ්ඤයේ පදිංචියට පැමිණෙන්නේ 2001 වසරේදීය. නමුත් ඔවුන් ස්පාඤ්ඤයට පැමිණ වසර දෙකක් ගත වනවිටම ඇගේ සැමියා මරණයට පත් වූ අතර ඇය ඇගේ නිවස තුළ තනි වූවාය. ඇයට ආදායම් මාර්ග යක්ද නොතිබූ බැවින් ඇය එම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට නර්තනය පුහුණු කිරීම ආරම්භ කළ අතර නොබෝ දිනකින්ම ඇය වෙත බොහෝ පිරිසක් නර්තනය හැදෑරීමට පැමිණියහ. ඒ වනවිට ඇය තම ජීවිතයේ 74 වැනි කඩඉම පසු කරමින් සිටි අතර ඇයට .ෑිචසබදි්.ි ෘ්බජැ ්ජ්ාැපහ. ආයතනයේ නර්තන පුහුණුකාරිනියක් ලෙස සේවය කිරීමේ අවස්ථාවද උදා විය. ‘ඩාවිඞ් නැති වුණාට පස්සේ ගෙදර තිබුණු තනිකම දරාග න්න බැරි වුණා. ආර්ථික තත්ත්වය වුණත් එච්චර යහපත් මට්ටමක නෙමෙයි තිබුණේ. ඉතින් මම තීරණය කළා ආපහු නර්තනය උගන්වන පාසලක් පටන්ගන්න. ඒත් මට හිතේ පොඩි චකිතයක් තිබුණා මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා මගේ වයසත් එක්ක. ඒත් මට විශ්වාසයක් තිබුණා මට පුළුවන් කියලා. අන්තිමට මම ඒක කළා. අවුරුදු 50කට පස්සෙත් මට පරණ පුරුදු විදිහටම නැටුම ඇඟ පුරා තිබුණා. පුංචි දෙයක්වත් අමතක වෙලා තිබුණේ නැහැ. ඒක නම් හාස්කමක් වගේ දෙයක්’ 2009 වසරේදී ස්පාඤ්ඤයේ පැවති .ඔම ිස ුමැම්කැි. නර්තන තරගයට ඉල්ලූම් කරන ඇය එම තරගයේ පළමු ස්ථානයට පත් වන්නේ විස්මිත නර්තනයන් රැුසක්ම ඉදිරිපත් කරමිනි. එම නර්තන තරගයේ ඇගේ සහකයා සහ ඇය අතර වයස අවුරුදු 40ක පරතරයක් විය. එම තරගයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට යුරෝ ලක්ෂයක මුදලක් හිමි වූ අතර එයින් ඇයට ලැබුණු ජාත්‍යන්තර කීර්තිය හේතුවෙන් .ෘ්බජසබට අසඑය එයැ ීඒර. තරගයට සහභාගි වීමටද අවස්ථාව ලැබුණි. මේ වනවිටත් තම අසීමිත උත්සහය ප්‍රකට කරමින් ඇය නර්තනයේ යෙදෙමින් පමණක් නොව නර්තන පුහුණුකාරිනියක් ලෙසත් කටයුතු කරමින් සිටින්නීය. සැබැවින්ම සාරා පැටි්රෂියා නම් ඇය නර්තනයේ දෙවඟනක් කොට සැලකිය යුතු තරම් කැපවීමක් නර්තනය වෙනුවෙන් තම 80 වැනි වියේදීත් ඉටුකරමින් සිටින්නීය.
No comments:
Post a Comment