කුරුණෑගල සිට හබරණට සුදු අලියෙක්!


‘‘පිබිදෙමු පොළොන්නරුව” වැඩ සටහන යටතේ ඩොලර් බිලියනයක චීන ණය මත කුරුණෑගල සිට හබරණ දක්වා අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකරණ බව නොරහසක් නොවේ. හබරණ දී මෙම දුම්රිය මාර්ගය කුරුණෑගලින් මඩකලපුව බලා ගමන් ගන්නා දුම්රිය මාර්ගයට එක් වීමට නියමිතය.

88KM දිගින් යුත් වන අලින් ගහන වනාන්තර මැදින් සැලසුම් කර තිබෙන මෙම නව දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් සංචාරකයන්ට සෘජුව දඹුල්ල සහ සීගිරිය දක්වා ගමන් කිරීමේ අවස්ථාව හිමිවන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට භාණ්ඩ (එළවළු?) ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙන බවත් රජය පවසයි.

නමුත් සත්‍ය නම් මතුපිටින් පෙනෙන සුන්දරත්වය මෙම ව්‍යාපෘතියේ නොමැති වීමයි.

1. සංවර්ධන ප්‍රමුඛතා හඳුනා නොගෙන කරන ව්‍යාපෘතියක් වීම. (ඩොලර් බිලියනයක ණය මුදලක් යට කිරීම සහ එයින් නැවත ලැබෙන ප්‍රතිලාභ)
2. කුරුණෑගල සහ හබරණ දැනට පවතින දුම් රිය මාර්ගයේ දුර කි.මී. 113 කි. යෝජිත දඹුල්ල හරහා මාර්ගය කි.මී.88 කි. නව මාර්ගයෙන් අත්වන දුරේ වාසිය කි.මී. 25ක් පමණි.
3. වන අලින් ගහන වනාන්තර මැදින් සැලසුම් කර තිබීම තුළින් විය හැකි පාරිසරික හානිය. (*අලින්ට මාරූ වීමට පාලම් නිර්මාණය කරන බව පැවසේ)
4. හබරණ සිට සීගිරිය සහ දඹුල්ල වෙත පහසු ප්‍රවේශයක් දැනටමත් පැවතීම.
5. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට භාණ්ඩ (එළවළු?) ප්‍රවාහනය කිරීම හිතළුවක් වීම. 
6. දැනට පවතින දුම්රිය මාර්ගය අනිවාර්‍ය අත් හැර දැමීමකට ලක්වීම. (දැනටත් දුම්රිය වාර 4ක් පමණ ධාවනය කරන දුම්රිය මාර්ගයකි )
7. කලාවැව, අවුකන, විජිතපුර ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක ගමනාන්ත කිහිපයකට සෘජුව එල්ල විය හැකි බලපෑම සහ එම ප්‍රදේශවල සංචාරක ආර්ථිකයට විය හැකි හානිය.
8. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අනු නගරයක් වන කැකිරාව දුම්රිය ස්ථානය මඟ හැරීම.

කෙසේ නමුත් අවසානයේ කිවයුත්තේ සුදු අලි ව්‍යාපෘතියක් හරහා පොළොන්නරුව පුබුදන්න කෙසේ වෙතත් ඩොලර් බිලියනයක චීන ණය මත මෛත‍්‍රී පුබුදන්න යහපාලන ප්‍රවාහන ඇමති අර්ජුනත්, ප්‍රවාහන රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහත් බරටම වැඩ බවය.

#Vimukthi

No comments:

Post a Comment