ටිරාජ් ගෙන් බලාපොරොත්තු වුණේ මහරගමට, මහ නගරයක් ද? 😂


අප වෙනුවෙන් නියෝජිතයන් තෝරාපත්කර, පාලකයන් බවට පත්කරගන්නේ අප වෙනුවෙන් තීරණ තීන්දු ගැනීමටය...

අප එසේ යවන නියෝජිතයන් තම රාජකාරිය ඉටු නොකරන විට නැවත කැඳවිමට ද අපට හැකි විය යුතුය. නමුත් අපේ රටේ එය සිහිනයක් බවට පත්ව තිබේ. එහි මූලිකම සාධකය නම් අපේ රටේ නිශ්ක්‍රීය ජනතාවක් වාසය කිරීමය....

ටිරාජ් ලක්රුවන් හෙවත් වත්මන් මහරගම නගර සභාවේ සභාපතිවරයා ඇතුළු මාමයිට් ජනපද කණ්ඩායම තෝරා පත්කරේ මහරගම ජනතාව වෙනුවෙන් පාලන කටයුතු කිරීමට ද?

ටිරාජ් සිදුකරමින් සිටින්නේ කුමක් ද? සැබවින් ම ටිරාජ් සිදුකරමින් සිටින්නේ ටිරාජ් පත්කළ ජනතා අපේක්ෂාවය... ඒ ගැන කන් කෙඳිරිගෑමෙන් දැන් තේරුමක් නැත... 

ටිරාජ්ගේ 'සිඟිති ආතල් පාලනය' නතර කළ හැකි ද? එය අපට තියා මහරගම ඡන්ද බලය හිමි ජනතාවට ද කළ නොහැක්කකි. ටිරාජ්ගේ මෙම දැන්වීම ඉතා අහිංසකය.. මිනිහාට 'සර්' කීමට සිදුවීම ඛේදවාචකයක් ලෙස දකින නොදරුවන්ට කීමට ඇත්තේ ද ටිරාජ්ගේ මොන්ටිසොරි පන්තියට ගොස් වැලි සෙල්ලම් කරන ලෙසය.. මන්ද, මහරගම ඇත්තේ අර්බුධ ගණනාවක ගිලෙමින්ය.. 

ඒවා නොලියන්නේ ඒ ගැන මීට පෙර ද අම්බානට ලියා ඇති බැවිණි. කෙසේ නමුත් මහරගම, ජනතාව දැන්වත් තීරණය කළ යුත්තේ ටිරාජ්ගේ මොන්ටිසෝරි ආතල් බලා සැනසෙනවා ද? මහරගම, මහ නගරයක් කළ හැකි  අතක් බලා ගන්නවා ද? යන්නය.

ස්තුතියි!

[විමුක්ති දුෂාන්ත]


No comments:

Post a Comment