'දැවෙන විහඟුන්' : අම්මා විකිණීමට නොදන්නා කම...


සංජීව යනු අමු ම, අමු පිස්සෙකි... ඒ අපුරු නිර්මාණයක් වූ 'දැවෙන විහඟුන්' විනාශය එහි අධ්‍යක්ෂකවරයා වූ ඔහු විසින් ම සිදු කිරීම නිසාවෙනි...

ඇත්තෙන් ම 'දැවෙන විහඟුන්' නැරඹිය යුතු ගණයේ රසවත් නිර්මාණයකි. (තාක්ෂණික දෝෂ නැතුවා නොවේ) නමුත්, 'දැවෙන විහඟුන්' නැරඹීමට කිසිවෙකු යාම තුලින් සංජීව නම් පාදඩයා සහ දිසානායක, බාලසුරිය ජෝඩුව කළ හිඟන මාර්කටින් උපක්‍රමය සාර්ථක වනවාට මම කැමති නැත....

Bad Marketing Concepts නිසා, ඕනෑම අපුරු නිර්මාණකරුවෙක් විනාශ විය හැකි බව සංජීව පසක් කළේය... ඒ නිසාම තිරයේ හෙළුවෙන් සිටි අනෝමා 
පමණක් නොව සංජීවත් සමාජය ඉස්සරහා දැන් සිටින්නේ අමුම අමු හෙළුවෙන්ය...

අන්තිමට කියන්නට ඇත්තේ මාර්කටින් නොදන්නා කමට, අම්මා විකුණාගෙන කන්නේ නැතුව මාර්කටින් පුළුවන් එකෙකුට ඉඩ දී ෆිල්ම් එක පමණක් හැදුවා නම් යහපත් බවය...

මා නැරඹුවේ රීගල් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වන 'සංස්කරණය නොකළ පිටපත' ලෙස හඳුන්වන දර්ශන පිටපත ය.

- Vimukthi

වැඩිදුර කියවීම සඳහා :

'හෝ ගානා පොකුණ' පළමු සති දෙකේ අසාර්ථක ධාවනයක යෙදුන අතර, පහතින් දැක්වෙන්නේ එය එම වසරේ වැඩිම දින ප්‍රමාණයක් ධාවනය වූ සිනමා පටය බවට පත් කළ මාර්කටින් කන්සෙප්ට් එකයි.

No comments:

Post a Comment