ලංකාවේ bitcoin තහනම්ද? Virtual Currencies මිථ්‍යාවට පිළිතුරක්.

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies අවදානම් බව‍ට සිදුකර ඇති අනතුරු ඇඟවීම පිළිබඳව පැතිර යන ප්‍රකාශ මෙන්ම පුවත් වාර්තා පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ තුළ යම් යම් මිථ්‍යාවන් ගැබ්ව ඇති බව පෙනෙයි.

අතථ්‍ය මුදල් (Virtual Currencies) යනු මොනවා ද?

අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies සම්පුර්ණයෙන් ම අන්තර්ජාලය මාධ්‍ය කරගෙන ගනුදෙනු කළ හැකි මුදල් විශේෂයකි. ලොව කිසිදු රටක් මෙම මුදල් ඒකක පිළිගත් මුදල් ඒකකයන් ලෙස පිළිගෙන නැති නිසාම මෙම මුදල්වලට අන්තර්ජාලයෙන් පිටත සංසරණය වීමේ හැකියාවක් නැත.

ජනප්‍රිය අතථ්‍ය මුදල් (Virtual Currencies) ඒකක

ජනප්‍රියම සහ ප්‍රධාන වශයෙන් භාවිතා වන අතථ්‍ය මුදල් ඒකකයන් වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin), රිප්ල් (Ripple) සහ එතීරියම් (Ethereum) ය. 

මේ අතරින් 2018 අප්‍රේල් 4 වැනිදා නිකුත් වූ දත්ත අනුව බිට්කොයින් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 191ක වෙළඳපළ කොටසක් හිමිවන විට එතීරියම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 105ක කොටසක් හිමිව තිබේ.


ලංකාවේ මොකද වුණේ?

පසුගිය සමයේ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් ඒකකයන්ගේ වටිනාකම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ලෝකය පුරා පැතිර ගිය බිට්කොයින් උන්මාදයට ශ්‍රී ලංකාව ද හසුවිය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන් තුළද අතථ්‍ය මුදල් ඒකකයන් කෙරෙහි පවතින උනන්දුව වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත.

මහ බැංකුව බිට්කොයින් තහනම් කළා ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් ඒකකයන් ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් කර හෝ බාධාවකට ලක් කර නැත.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකශ කර තිබුණේ මෙම මුදල් ඒකක භාවිත කිරීමේ දී ඇතිවිය හැකි අවදානම් පිළිබඳවයි.

අවදානමක් ඇයි?

ශ්‍රී ලංකාව තුල සංසරණය වන ප්‍රධාන මුදල් ඒකකය වන්නේ 'ශ්‍රී ලංකා රුපියලයි.' එම මුදල් ඒකකය භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගු භාවයක් ලබා දී තිබේ.

මෙසේ වලංගු භාවය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව විසිනි.

ඒ සඳහා වගකීම දරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවයි. මේ හේතුවෙන් ම එම මූල්‍ය ඒකකය භාවිත කරමින් සිදුකර ගනුදෙනු නියාමනය කිරීමටත් එහි වටිනාකම සහතික කිරීමටත් මහා බැංකුව වගකීම් දරයි.

නමුත් අත්‍යය මුල්‍ය එකක නියාමනය කිරීමට හෝ එහි වටිනාකම පිළිබඳව තහවුරු කිරීමට කිසිදු බල අධිකාරියක් ලොව නිර්මාණය වී නොමැත.

මේ හේතුවෙන් අත්‍යය මුල්‍ය එකක භාවිතයේ ඉතා ඉහළ අවදානමක් නිර්මාණය වී තිබේ.

ඩොලර් රුපියල් - බිටිකොයින් රුපියල්

ඩොලර් ඒකකයක් රුපියල් ඒකක භාවිතයෙන් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් හරහා හුවමාරු කර ගැනීමේ හැකියාව තිබේ. 

එම වලංගු භාවය එම මුදල් ඒකක පාලනය කරන අධිකාරි විසින් ලබා දී තිබේ. නමුත් කිසිදු අත්‍යය මුදල් ඒකකයක් බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් හරහා හුවමාරු කර ගැනීමේ හැකියාවක් ද නොමැත.

එසේම අතථ්‍ය‍ය මුදල් ඒකකයක වටිනාකම තීරණය වනුයේ එම මූල්‍ය ඒකකයට ඇති වෙළඳ පළ ඉල්ලුම මතයි. මේ නිසාම ඒවායේ වටිනාකම විශාල වශයෙන් උච්ඡාවචනය විය හැක. එයද අතථ්‍ය‍ය මූල්‍ය ඒකක භාවිතයේ ඉහළ අවදානමක් ඇති වීමට හේතුවකි.

සුජාත භාවය ලැබෙයි ද?

කෙසේ නමුත් මේ වන විට නීතිවිරෝධී කටයුතු සඳහා අතථ්‍ය මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබීම හේතුවෙන් ලොව බොහෝ රටවල් මෙවැනි මුල්‍ය එකක කෙරෙහි සිටින්නේ යහපත් අදහසකින් නොවේ. මේ නිසාම අනාගතයේ දී අත්‍යය මුදල් භාවිතය අර්බුදකාරී තත්වයක් නිර්මාණය කිරීමට සමත්වනු ඇත.

දැලි පිහියෙන් කිරි කමුද?

කෙසේ නමුත් මේ වන විට් අන්තර්ජාල මුල්‍යකරණයේ යෙදෙන අයෙකුට අත්‍යය මුදල් නොසලකා හැරීමේ හැකියාවක් නොමැත. එසේම අනාගත තාක්ෂණික ලෝකයේ ප්‍රධානතම ගනුදෙනු ක්‍රමයක්  පත්වීමේ සලකුණු පෙන්නුම් කරන අතථ්‍ය‍ය මුදල් ඒකක භාවිතයෙන් ඉවත් වීම නුවණට හුරු කරුණක් නොවේ. කළ යුත්තේ නිසි අවබෝධයකින් යුතුව අනාගත ලෝකයට මුහුණ දීමයි.

[විමුක්ති දුෂාන්ත | www.resa.lk]  

No comments:

Post a Comment