බටලන්ද ඉරිදා සහ බැඳුම්කර සඳුදා...

සඳුදා කුමක් වෙයිද? රටේ දේශපාලන කරලියේ උණුසුම් ම මාතෘකාව වී ඇත්තේ මෙයයි.

ලබන සඳුදා (20) මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ තිබේ....

මේ අගමැති රනිල් කොමිසමකට කැඳවූ පළමු අවස්ථාව නොවේ. 

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයත්, යහපාලනයත් උදෙසා බලා සිටින අපට මේ කොමිසමත් , ඒ කොමිසමත් අතර ඇති වෙනසක් නැත.

වෙනසකට ඇත්තේ එදා විපක්ෂ නායක රනිල් අද අගමැති රනිල් වීමයි.

කෙසේ නමුත්, ජනාධිපතිවරයා මේ කොමිසම පසුපස සිටින බව කවුරුත් දන්නා ඇත්තකි. ඊට පිළිතුරු ලෙස එජාපයේ ඇතැම් මාධ්‍ය ඔස්තාර්ලා ජනාධිපතිවරයාගේ දුවගේ අරළු-බුළු මෙන්ම සංඛ්‍යාත සිද්ධියක් ද කරලියට ගෙන විත් තිබේ.

එජාපය අවංක නම් මේ අරළු-බුළු ගැන කියන්නට තිබුනේ අද ඊයේ නොවේ ඒවා සිද්ධ වූ කාලයේ ය. නමුත්, ඒවා කරලියට එන්නේ බැඳුම්කරයට ප්‍රතිඋත්තර ලෙස නම් එයත් මහින්දගේ ෆයිල් කතාවත් අතර වැඩි වෙනසක් නැති බව නම් අපට පෙනේ...

එසේම ඒ කාලේ පාලකයන් පොලිසිවලට උසාවිවලට ආවේ නැති වුණාට අපි එනවා. අපි හෙන ප්‍රජාතන්ත්‍රවාදී යැයි මොර දුන්නාට වැඩක් නැත. ඒවා දැන් අවලංගු කතාය.

අවසානයේ කියන්නට ඇත්තේ ඔය කොයි කොමිසමෙනුත් ජනතාවට අත්වන සෙතක් නම් නැත කියාය...

සඳුදා ගැන කියනවා නම් බටලන්ද කොමිසමට ආව එකාට බැඳුම්කර කොමිසමත් කජ්ජක් ද කියා මේ සටහන අවසන් කරමි.

-විමුක්ති.