VAT වැඩිද? වෙනස සැපද?


අපේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 9.5ක්, ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් බිලියන 65.6ක්. වඩාත්ම භයානක දේ තමයි මේක අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් ¾ කට ආසන්න අගයක් වෙන එක. (හරියටම ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයෙන් 74.9%ක්) මොන විදිහට විග්‍රහ කරත් මේ මුදල අපි වගේ පුංචි රටකට මහා විශාල බරක්.

ඒවා ගෙවන්න රජයට ප්‍රමාණවත් ආදායමක් නැහැ.

පහුගිය රජයෙන්කරපු ගොඩක් ව්‍යාපෘති වලින් අපි මුදල් උපයන්නේ නැහැ.

උපයන ව්‍යාපෘතිවලින් වැඩිම කොටසක් අපි ගෙවන්නේ ඒ, ව්‍යාපෘතිවලට ණය ගත්ත රටවල් වලට......

සංවර්ධනය කියන්නේ එක මාසෙකින් ගුවන් පාලම් හදන එක නෙමෙයි... සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනා ගෙන කරන තිරසාර සංවර්ධනයක්....

රාජ්‍ය අංශය ගත්තහම පාඩු ලබපු ආයතන ගණනාවක් තමයි තිබුණේ....
ශ්‍රීලංකන්, මිහින් ලංකා පාඩුව අපිට දරන්නවත් බැරි තරම්....

මේ ආණ්ඩුව දින 100 සහන දුන්නා, දැන් යම්ප්‍රමාණයක සහන කප්පාදුවක් කරනවා. සුභසාධානයෙන් විතරක් ආණ්ඩුවක් ගෙනියන්න බැහැ...

වැදගත්ම දේ අපි රටක් විදිහට ණය උගුලක හිරවෙලා ඉන්නේ.... පහුගිය අවුරුදු 5හේ අරගෙන තියන ණය වල වාරික ගෙවන්න පටන් ගන්නේ දැන්. (ණය මුදලක් ගන්නකොට එක ගෙවන්න ආරම්භ කරන්න යම් කාලයක් දෙනවා)

මහින්ද ගත්ත ණය කියල නොගෙවා ඉන්න බැහැ, මොකද ඒ ණය අරන් තියෙන්නේ අපි රටක් විදිහට....

මේ ආණ්ඩුව තාම ගෙවන්නේ පරණ පව් කන්දක්... රාජපක්ෂ කාලේ ගිනි පොලියට ණය ගන්නකොට හොයන්න හිටපු නැති ආර්ථික විශේෂඥයෝ දැන් වැහිවැහැලා....

කලබල වෙන්න එපා...!!! තව අවුරුදු 5ක් තියනවා ඡන්දේට, කකුලෙන් අඳින්නේ නැතුව ඉවසලා ඉන්න....


විමුක්ති දුෂාන්ත | Vimukthi Dushantha Rawanasinghe
‪#‎විදූ‬ | ‪#‎ViDhu‬...
‪#‎lka‬ | ‪#‎SriLanka‬ | ‪#‎Colombo‬

No comments:

Post a Comment