හැමෝටම පුළුවන් දේ වෙනස් විදිහට කළ මහා ඇදුරා.
දත්වලින් ගුවන් යානා, ට‍්‍රක් රථ අදින පුද්ගලයන් ලෝකයේ තැනින් තැන බිහි වෙයි. ඔවුන් ලෝකයටම යම් වෙනසක් ගෙන ආවද එම වෙනස තවත් අලූත් කළ පුද්ගලයකු පිළිබඳ අලූත්ම වාර්තාවකින් හෙළි වී ඇත. ඒ තම ලිංගේන්ද්‍රියෙන් ගුවන් යානයක් අදිමින් ලොව විස්මයට පත් කළ අයෙක් ගැනයි. එවන් විස්මිත කාර්යයක් කළේ තායිවානයේ ජින් - ‘ශෙන් තූ නමැති චීන වෛද්‍යවේදියා විසිනි. ඔහු සාමාන්‍ය පුද්ගලයකු නොව තායිවානය, ජපානය, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල වෛද්‍ය එකමුතුවන්හි මහාචාර්යවරයෙකි. ඔහු අද මැලේසියාව, ජපානය, ඉතාලිය, ප‍්‍රංශය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක හැට දහසකටත් වඩා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින විශිෂ්ට ආත්මාරක්ෂක සටන් පුහුණුකරුවෙකි.
මේ වනවිට තම ජීවිතයේ අඩ සියවසක් ගත කර ඇති තූ උපත ලබා ඇත්තේ කුං- ෆු සටන් කලාවට ප‍්‍රකට පවුලක හයවැනි දරුවා ලෙසය. කුඩා කාලයේදීම තම පියා යටතේ සටන් කලාව ප‍්‍රගුණ කිරීම ඇරඹි ඔහු කුං- ෆු සටන් කලාවට අමතරව තායි චී හා කියුංගාන් සටන් කලාවන්හීද නොබෝ කාලයකින්ම ප‍්‍රගුණයෙක් විය. ඔහු විශ්වාස කළ එක් සත්‍යයක් විය. ඒ ‘හැකියාව යනු විස්මයජනක වීම’ යන පාඨයයි. සැබැවින්ම ඔහුගේ එකී විශ්වාසය කොතරම් දුරට සත්‍යයක් වේදැයි පැහැදිලි වන්නේ ඔහු සතු විස්මිත හැකියාවන් හේතුවෙනි. ඔහු සටන් පුහුණුකරුවකු පමණක් නොව විශිෂ්ට ගණයේ චිත‍්‍ර ශිල්පියෙකි. එපමණක්ද නොව මිනිසුන්ගේ සිත් අමන්දානන්දයට පත් කරන සංගීතවේදියෙකි. ඔහු පවසන අන්දමට කලාව යනු සුවදායී ජීවිතයකට හොඳම ක‍්‍රමවේදයයි.

මින් ලිංගික ජීවිතයට ලැබෙන ශක්තිය කෙතරම්ද යත් තූගේ වයස 82ක් වන වයෝවෘධ ගෝලයෙක් සාර්ථකව දරුවෙක්ට පියකු වීම තුළින්ම පැහැදිලි වේ. මෑත කාලීනව තූ තම සටන් කලාව නව මානයකට රැගෙන ගියේ ‘යකඩ ලිංගේන්ද්‍රිය’ ක‍්‍රමවේදය ප‍්‍රගුණ කිරීමට කාන්තාවන්ටද අවස්ථාව ලබාදීමෙනි. තූගේ හඳුන්වාදීම්වල විශේෂත්වය වන්නේ ඒ සියල්ලම පාහේ නූතන විද්‍යාවෙන් පිළිගෙන තිබීමයි. ලොව ප‍්‍රකට විශිෂ්ට ඇමෙරිකානු වෛද්‍ය විද්‍යාඥයෙක් වූ කොන්ස්ටන්ටින් කොරොට්කොව් පවා මේ ශිල්ප ක‍්‍රමය පිළිබඳ පරීක්ෂණ පවත්වා එහි විශිෂ්ටත්වය තහවුරු කර ඇත.
තායිවාන ජාතික විශිෂ්ටතා සම්මානය ඇතුළු ජාතික තලයේ විවිධ ගෞරවයන් හිමි වූ තූට 2000 වසරේදී ලෝක ප‍්‍රමුඛතා සම්මානය හිමිවීම ඔහුගේ ජීවිතයේ විශිෂ්ට කඩඉමක් විය. අග්නිදිග ආසියාව පමණක් නොව යුරෝපය තුළ පවා විශිෂ්ටයෙක් ලෙස පිළිගැනෙන තූ - කුං ෆු සඟරාව හා ප්ලේබෝයි සඟරාව පවා අගය කළ එකම තායිවාන ජාතිකයා මොහුයි. එපමණක් නොවේ. වීක්ලි වල්ඞ් නිව්ස්, බිලීව් ඕර් නොට් බිලීව්, නැෂනල් ජියෝග‍්‍රෆි හා බී.බී.සී. ලෝක සේවය යන අන්තර්ජාතික මාධ්‍ය වාර්තාමය වැඩසටහනන් පවා තූ වෙනුවෙන් නිර්මාණය කර ඇත. තූ යනු තවත් එක් බොඩි බිල්ඩර් කෙනකු හෝ සටන් පුහුණුකරුවකු නොවේ. ඔහු ලොවට නව්‍යතාවන් හඳුන්වාදුන් විස්මිත, ආධ්‍යාත්මික හා භෞතික ශක්තියකින් හෙබි ගුරුවරයෙකි. ඔහු ලොවට ලබා දුන් ආදර්ශය අනන්තය තෙක් කැපවීම, උත්සහය හා හැදෑරීම අලූත් මානයන් සොයා ගැනීමට ඉඩකඩ වන බවයි. අවසාන වශයෙන් මෙහි සඳහන් කළ යුත්තේ ජින් -ශෙන් තූ රචිත කෘතියක එන ප‍්‍රස්ථාවනාවකින් උපුටාගත් කොටසකි.
No comments:
Post a Comment