උරුමයක් වූ කරුමය!
"සුද්දන්ගෙන් පවුම් මිලියනයක පගාවක් ගැනීම ගැන අයර්ලන්ත ධනපතියෙකුට චෝදනාවක් එල්ල විය. 'ඔබ ඔබේ පීතෘ භූමිය විකුණා දැමුවා'. එයට අවමන් සහගත ලෙස සිනා සෙමින් ඔහු මෙසේ පිළිතුරු දුන්නා. 'මොනතරම් ශාපලත් සතුටක්ද? ඒ කියන්නේ මට විකුනන්න පිතෘ භූමියක් තිබිලනේ'."
එකී ශාපලත් සතුට අද භුක්ති විදින්නේ දේශප්‍රේමයේ නාමයෙන් රට චීනයට විකුණමින් සිටින පාලකයන් පමනක් නොවේ. පීඩිත පන්තියත් එකී සතුට භුක්ති විදීම පුදුමාකාරය.

මම ලියන්නේ පරන ස්ටෝරියක් යැයි, මේ පේලිය කියවන විට ම ඔබ සිතා ඇති බව මා දනිමි. ලංකාව තිබෙන අපූරූම මතවාදය එයයි. ජනතාවට දැන් අලුත් කතා රැසක් ම ඇත, පිල්ලේ නෝනාට කළ විවාහ යෝජනාව එහි හොට්ම කතාව ය. මහින්ද මසා දෙන ඕනෑ ම ඇදුමක්, ඇඳගැනීම වත්මන් ලාංකිකයන් ගේ සිරිතය.
ලංකාවේ සිවිල් සමාජය පිස්සු හැදෙන තරම් ශෝක්යැයි මම කියන්නේ එබැවිනි. හිට්ලර්ගේ මගේ සටන කියවූ අයෙකුටනම් මහින්ද ගේ තියරි ටික හඳූනා ගත හැක. එක්කෝ කියවලා නැත්තම් කියවන්න යන්න එපා! මොකද,
සත්‍ය තේරුම් ගැනීමත් වත්මන් ලංකාවේ පට්ට ම කරුමයකි.
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
No comments:
Post a Comment