ඇසළ.
ඇසළ මාසේ දෙවෙනි දවස අද. මේ සංස්කරණය කරන්නේ මීට මාස කිහිපයකට කලින් අනඳ විදුහල්, හෙළ සිසු හවුලේ වාර්ශික දින දසුනට මම ලියපු ලිපියක්...

මේක ලියන්න ප්‍රධාන ම හේතුව මගේ බ්ලොග් එකේ පාඨකයෙක් වන දිනිති පමුදිතා කරපු ඉල්ලීමක්. "විමුක්ති, ඊලඟ ලිපිය කැප්පෙටිපොල මහා සෙනවි ගැන ලියන්න පුලුවන්ද?" මගේ උත්තරේ තමා මේ.......
දිනිතිට කැප්පොටිපොල එක්ක තියන සම්බන්ධය ගැන නම් මම දන්නේ නෑ. නමුත් ඒක ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමාට දුටුගැමුණු එක්ක තියන සම්බන්ධය වඩා හොඳ ඇති කියලා හිතනවා. (එහෙම සම්බන්ධයක් හදාගන්නත් හරි ම ලේසියි. පනා පුත්‍ර කුහුඹු පැනියා [Jack+son+ant+honey] ට කියලා, අපේ ජනාධිපතිතුමාව දුටුගැමුණු ට සම්බන්ද කළා වගේ ම වැඩේ කරලා දෙන්න කියන්න. )
අපේ ඉතිහාසය පුරාවට ම හෙළය පාවා දුන්නේ හෙළ බිමේ හැදුනු දෙය ම කා බී වැඩුන උන්ය, එකියන්ය. අප දන්නා ඉතිහාසයේ රාවන සොහොයුරු විබීසන ගෙන් පළමුවද, කුවන්නාව, දොන් ජුවන් ධර්මපාල ආදීන්ගෙන් අනතුරුව ද එකී නිරන්තර පාවා දිමේ කටයුත්ත නොකඩවා සිදුවිය.
කැප්පෙටිපොළ ද සිටියේ විබීසන මඟ යමින් පර සුද්දා ට, හෙළයාට කෙනෙහිලිකම් කරන්නට මඟ පාදා බලා සිටිමිනි. නමුත් කැප්පෙටිපොළගේ පපු කැවුත්තේ රදල කමින් යටකොට දමා සිටි හෙළ කම මතු වුයේ තමන් ගැති කම් කළ සුද්ද ගේ බයිනෙත්තු ට්තුඩට හෙළයන් ඇමිනෙන විට ය. අවසන කැප්පෙටිපොළ වීරයෙකු ලෙස සුද්දා ගේ මරණ වරෙන්තුවෙන් ම මිය ගියේ 1818 කැරැල්ලේ මුලිකයෙකු ද වෙමිනි.
නමුත් ඔහු හෙළයන් ට කෙටු වින, එයින් මැකේ යැයි කිව හැකි ද?

”මගේ අම්මා මම වගේ තව හත් අට දෙනෙක් වැදුවා නම් පර සුද්දව මේ රටින් පන්නනවා මයි.”
එහෙයින් වීරයා කවු ද?
22 බුදුන්වහන්සේ මංගල ධර්ම දේශනය පැවැත්වු ඇසළ පුන් පොහෝ දිනය.
28 මාතලේ නිදහස් අරගලය ආරම්භ කළ දිනය. (1848)
8 නවම් රාජාගේ මිය යෑම (2011)
18 බළංගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ අපවත් වීම (1998)
31 ජොර්ජ් කීට්ගේ අභාවය (1993)
(කෙතින් අස්වැනු එළවු (ඉදිරිපත් කළ මසයි. අළුත් සහල් මඟුල පවත්වන මසයි. අස් එලවනුයේ අළ+අස් > ඇසළ )
ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ. |
පසු වදන : පසු වදනක් ලිපියට එකතු කරන්න සිදු වුනේ, ලිපිය ලියලා පැය 6ක් යන්නත් කලින් ම අපේ දිනිති ලිපිය ගැන ප්‍රතිචාර දැක්වීම.
දිනිතිගේ ප්‍රතිචාරය කියවලා බලලා ඒ ගැන මගේ අදහස කියන්නම්. මේ තියෙන්නේ දිනිතිගේ ප්‍රතිචාරය....

"ඔයා හිතනවද කැප්පෙටිපොල ගැන මේ ලියල තියෙන සේරම හරි කියල. මං මේ අදහසට විරුද්ද අදහසක් කියන්නම්.
කැප්පෙටිපොල සෙනෙවිතුමා කියන්නේ ඇහලේපොල සෙනෙවිතුමාගෙ මස්සිනා කෙනෙක්. ඍජුවම ඉංග්‍රීසින්ග් සහ සටන් කරන එකට වඩා මිතුරෙක් ලෙසින් පෙනි ඉදල සටනක් දියත් කරන්න යි කැප්පෙටිපොලට ඕන වෙලා තිබුනෙ.
කැප්පෙටිපොල ඒ නිසයි ඉංග්‍රීසින්ට එකතු උනේ. ඇහලේපොලලා ඉංග්‍රීසින්ට විරුද්ද වෙද්දිවත් කැප්පෙටිපොල මුකුත් කලේ නෑ. ඒත් නිදහස් සටනට පෙරමුණ ගත්තු හාමුදුරුනමක් එක්ක කැප්පෙටිපොල රහසේ සාකච්චා කලා. ඒ බව සම කාලීන පොතපතේ තියෙනෙවලු. කැරැල්ලක් සංවිධානය වෙච්ච වෙලාවේ එකෙට කැප්පෙටිපොල ගියේ එකතු වෙන්න හිතා ගෙනමයි.
ඉංග්‍රීසින් කියන විදියටනම් එහෙමෙ දෙයක් කැප්පෙටිපොලගෙ තුන් හිතකවත් තිබිල නෑ. එත් ඒක එහෙම නෙමේ. කැප්පෙටිපොල කැරැල්ලට එකතු උනා. ඒක නිකන් ම කැරැල්ලක් නෙමේ. රජ කෙනෙක් පත් කරලා දාතු කරඬුව රජ සතු කරලා මිනිස්සුන් රැස් කරලා, කතා පවත්වලා වන්දනා මාන කෙරෙව්වා අපිට රජෙක් ඉන්නව කියල. ඊට පස්සෙ තැනකට ගිහින් එතන හාරන්න කිව්වලු එතන තිබිල තියෙන්නේ ගෙන්දගම් ගබඩාවක්. ඉංග්‍රීසින් කියලා තියෙනවා සිංහලේ මිනිස්සු වෙඩි බෙත් හැදූවේ ගෙන්දගම් සහ පොටැසියම් මික්ස් කරලා කියලා. කැප්පෙටිපොල සැලසුම් නොකෙරුව නම් කොහොමද එතන ට ගෙන්දගම් ආවේ?
කැප්පෙටිපොල නිලමේතුමා අතේ හැම තිස්සෙම තිබ්බ දෙයක් තමයිලු ධම්මපදය. මරන මොහොතේ කියෙව්වෙත් ධම්මපදයේ පළවෙනි ගාථාව වන, 'මනෝ පුබ්බන් ග මාන් දම්මා මනෝ සෙට්ටා මනෝමයා' කියන එක. ඒ ටික කියද්දි ඉංග්‍රීසින් කඩුවෙන් බෙල්ලට කෙටුවත් මැරුනේ නෑ ලු. ලේ විදින බෙල්ලකුත් තියාගෙන කැප්පෙටිපොල කියල තියනවා ඔහොම නෙමේ මරු නිලය තියෙනෙ තැනට ගහපල්ල කියලා. මොල්ලිගොඩත් කැප්පෙටිපොල එක්ක යුද්ද කරපු කෙනෙක් උනත් මරනෙටෙ බයේ වෙවුලද්දි
කැප්පෙටිපොල කියල කියලා තියෙනෙවා එහෙම වෙන්න එපා කියලා. වීර කැප්පෙටිපොල කියල කියන්නේ ඒ නිසයි. මේක ජැක්සන් කියපු දෙයක් නෙමෙයි. ඉතිහාස මහාචාර්‍යවරියක්, නීතිය සහ ඉතිහාසය දන්න ආචාර්යවරයෙක් සහ හොඳ කතිකයෙක් කිව්ව දෙයක්. මේවට සම කාලීන ඉතිහාස මූලශ්‍ර තියෙනවා. මන් හිතන්නේ ඔයා ලියපු ලිපිය අසාධාරණයි කියලා. මගෙයි කැප්පෙටිපොලගෙයි අතරේ තියෙන සම්බන්ධය තමා අපි දෙන්න ම සිංහලේ ඉපදුන එක. සිංහල ලේ තියෙන එක."
දිනිතිගේ අදහස ඉවරයි. දැන් මම උපුටා ගත්ත ලිපි කොටස් දෙකකුත් දානවා පහලින් එකත් කියවන්න කෝ...
"සිංහලයන්ගේ සාක්‍ෂි මත කුඩාපොල හිමියන්ට මරණ දඬුවම දුන් යුද්ධාධිකරණ තීන්දුව
1796 දී ඉංගී්‍රසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ අධිපතීන් බවට පත් වූයේ එවක එම පෙදෙස් අත්පත් කරගෙන සිටි ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගම හා කරන ලද සටන්වල ප්‍රතිඵලයක් ලෙස ලන්දේසීන් යටත්වීම නිසාය. 1798 සිට 1802 දක්‌වා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ඉංගී්‍රසීන් හා එක්‌ව පාලනය කළ මේ ප්‍රදේශ 1801 සිට ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට භාරදෙනු ලැබීමෙන් පසුව 1802 සිට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි කිරීටයට යටත් ප්‍රදේශයන් බවට පත්විය. මේ ආකාර ලෙසට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි ආධිපත්‍යයට යටත් වූයේ නිරන්තරව සිදුකරන ලද යුද්ධ හේතුකොට ගෙන වුවද උඩරට රාජ්‍ය ඉංගී්‍රසීන්ට අයත් වූයේ එවැනිවූ යුද්ධ ජයග්‍රහණයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ.
උඩරට අත්පත් කරගැනීමේ නිල නිවේදනයේ ප්‍රාරම්භක වාක්‍ය වන "රදළ ප්‍රධානීන්ගේ ආරාධනයෙන් මෙහෙයුම් ලද බ්‍රිතාන්‍ය මහරජාණන් වහන්සේගේ හමුදාවෝ මහජනතාවගේ ජයඝෝෂා නාදය මැද පිළිගනු ලැබීමෙන් උඩරට රාජ්‍ය ප්‍රදේශයන්ට ඇතුළුව රාජධානියට වැදගත්හ."
... යන සඳහන අනුව උඩරට රාජ්‍යය ඉංගී්‍රසීන් යටතට පත් වූයේ අවසාන වශයෙන් කරන ලද යුද්ධයකින් ලබාගන්නා ලද ජයග්‍රහණයකින් නොවන බැව් පැහැදිලිය.
මෙසේ එකදු භටයකුගේවත් ජීවිත පූජාවකින් තොරව උඩරට රාජ්‍යයයේ අයිතිය ලබාගත් නමුත් ඒ සඳහා උපකාරී වූ මහජනතාවගේත් රදළ ප්‍රධානීන්ගේත් සහාය නීත්‍යානුකූලව ලබාගැනීමේ උපක්‍රමයක් වශයෙන් දෙපාර්ශ්වයම ගිවිසුමකට එළඹීම මේ සඳහා වූ ඉංගී්‍රසීන්ගේ උපායමාර්ගය විය. ඒ අනුව 1815 මාර්තු 02 දින බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා ද උඩරට වැසියන් වෙනුවෙන් උඩරට ප්‍රධාන නිලමේවරුන් 14 දෙනකු විසින් ද අත්සන් කරන ලද එකඟතාව "උඩරට ගිවිසුම" ලෙස ප්‍රසිද්ධය.
1815 මාර්තු 02 වැනි දින රට පාලනය කිරීම සඳහා එකඟතාවයට එළඹී උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය අනුව "උඩරට මුලාදෑනින් හා වැසියන් අදහන බුද්ධ ශාසනයත්, දේවාගමත් කඩ නොකර පවත්වමින්, සංඝයා හා විහාරාදිය රැකීමට ඉංගී්‍රසි රජය පොරොන්දු වූ නමුත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවද චීවරය දරා සිටියදීම බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්‌ම වෙඩි තබා ඝාතනය කරන ලද අවස්‌ථා රාශියක්‌ම පිළිබඳ තොරතුරු ඉතිහාසයේ සඳහන් වී ඇත.
ක්‍රි.ව. 1848 මාතලේ කැරැල්ල නමින් හඳුන්වන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ පීඩනයට එරෙහිව ඇරැඹි සිංහලයේ 02 වැනි නිදහස් අරගලයේදී එයට සම්බන්ධවී යෑයි චෝදනා ලැබ වෙඩි තබා ඝාතනයට ලක් කරන ලද කඩහපොළ හිමියන් සුදු පාලනයට නිරපරාදේ ගොදුරු වූ බෞද්ධ හිමිනමකි.
කඩහපොළ කුඩාඋන්නාන්සේ හා කුඩාපොළ උන්නාන්සේ යනුවෙන් ද හඳුන්වන දැනට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ, නාරම්මල කුලියාපිටියේ පිහිටි කඩහපොළ ඒ හිමියන් උපන්බිම ලෙස ඉතිහාසඥයෝ පෙන්නා දෙයි. 1848 දෙවැනි නිදහස් සටන මාතලේ හා සත්කෝරළයේ ආරම්භ වී පැතිරී යන අවධියෙහි කඩහපොළ හිමියන් වැඩසිට ඇත්තේ මහනුවරට නුදුරු කාහල්ල නම් ස්‌ථානයේය. කැරැල්ලට ආධාර දුන් බවට චෝදනා කරමින් කඩහපොළ හිමියන්ව ඉංගී්‍රසීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙකී කාහල්ල නම් ස්‌ථානයේදීය. කැරැල්ලට ආධාර දුන් බවට චෝදනා කරමින් කඩහපොළ හිමියන්ව අත්අඩංගුවට ගන්නා ලද නමුත්, එයට හෝ කැරැලිකරුවන්ට ආධාර අනුබල දුන් ආකාරය පිළිබඳ පැහැදිලි සාක්‍ෂි කිසිවක් නැත.
ඒ හිමියන්ට එරෙහිව තිබූ එකම සාක්‍ෂිය වූයේ 1848 මාතලේ දෙවැනි නිදහස් අරගලයෙන් රාජාභිෂේකය ලැබීමට නම් කර සිටි ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටි ස්‌ථානය පිළිබඳ තොරතුරු කඩහපොළ හිමියන් තමාට කියා සිටියේය යනුවෙන් අලම්කුඹුරේ බස්‌නායක නිළමේත්, ඔහුගේ පුත් කිරිබණ්‌ඩා හා වීදියවැල්ලේ විදානේ යන තිදෙනා ඉංගී්‍රසි නිලධාරීන්ට සපයන ලද සාවද්‍ය තොරතුරු පමණකි.
මේ තොරතුරු අනුව ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටි බවට සැක කළ මැදමහනුවර පිහිටි ගල්ලෙනක් එවකට ආණ්‌ඩුවේ ඒජන්ත බුලර් ඇතුළු භට පිරිසක් වටලන ලදී. නමුත් එම ගල්ගෙයි ගොන්ගාලේගොඩ බණ්‌ඩා හෝ වෙනත් සැකකටයුතු කිසිවකු හෝ සැඟවී සිට නැත. ගල්ගෙයි සැඟවී සිටි ගොන්ගාලේගොඩ ඇතුළු පිරිසට පලා යැමට අනතුරු අඟවා ඉඩකඩ සලසන ලද්දේ කඩහපොළ හිමියන් බවට ඉහතකී තිදෙනා ගල්ගෙය වටකරන ලද ආණ්‌ඩුවේ ඒජන්ත බුලර්ට ගතු කීහ. ඒ අනුව වැටලීම අසාර්ථක වී ආපසු එන ගමනේදී මැද මහනුවර කහල්ල නම් ස්‌ථානයේදී අත්අඩංගුවට ගත් කඩහපොළ හිමියන්ව මහනුවරට ගෙන යන ලදී.
එසේ මහනුවරට ගෙන ඒමෙන් පසු කැරලිකරුවන් හා එකඑල්ලේම හෝ අනියම් ආකාරයෙන් සම්බන්ධකම් පැවැත්වීම, රාජාභිෂේකය ලැබීමට නම් කර සිටි ගොන්ගාලේගොඩ බණ්‌ඩාව ඉවහල් විය හැකි සියලු තොරතුරු හෝ තොරතුරක් නොසැපයීම, 1848 අගෝස්‌තු 17 දින එයට ආසන්න දිනකදී ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටිනා ස්‌ථානය දන්නා බව ප්‍රකාශ කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද දිනට පසු දිනම උන්වහන්සේව යුද්ධාධිකරණය හමුවට පමුණුවන ලදී.
කඩහපොළ හිමියන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා විභාග කිරීමට පස්‌දෙනකුගෙන් සමන්විත යුද්ධ අධිකරණයක් පත් කරන ලද අතර එහි සභාපති හැටියට මේජර් ඇෆ්. ලුෂින්ටන් කටයුතු කළ අතර කපිතාන් ටී. එච්. වින්ග් ෆිලිඩ්, කපිතාන් එච්. ශ්‍රිර්කන්, කපිතාන් එච්. සී. බර්ඩ් සහ ලෙප්ටිනන් ඡේ. ස්‌මිත් සෙසු සාමාජිකයෝ වූහ.
කැරලි නායක ගොන්ගාලේගොඩ බණ්‌ඩා අල්ලාදී ජීවිත දානය ලබාගැනීමට උන්වහන්සේට ඉඩකඩ තිබෙන බවද, යුද්ධ අධිකරණය කඩහපොළ හිමියන්ට වැඩිදුරටත් දැනුම් දෙන ලදී. අධිකරණය ඉදිරියේ කියවූ චෝදනා සම්බන්ධයෙන් තමන්වහන්සේ මුළුමනින්ම නිර්දෝෂි බැව් චෝදනාවලට පිළිතුරු දෙමින් එහිමියෝ ප්‍රකාශ කළ අතර රාජෙද්‍රdaහිවීම හෝ සතුරු රජකු සමග සබඳකම් පැවැත්වීම හෝ ඔහුගේ තොරතුරු කිසිවක් තමන්වහන්සේ නොදන්නා බවත්, කැරලි නායකයා සැඟවී සිටින තැන් හෝ ඔහුගේ තොරතුරු කිසිවක් තමන් නොදන්නා බවත්, එම කැරලි නායකයායි කියන තැනැත්තා තමන්වහන්සේ දැක ඇත්තේ එක් වරක් පමණක් බවත්, උන්වහන්සේ මරණය පෙනි පෙනී සිටියදීත් චෝදනාවලට පිළිතුරු වශයෙන් වැඩිදුරටත් කියා සිටියහ.
1848 අගෝස්‌තු 25 වැනි දින ඇරඹි යුද්ධාධිකරණ නඩු විභාගයේදී පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේත්, ඔහුගේ පුත්‍රයාත්, බුටාවත්තේ කංකානම හා ගල්ගේවැටලීම මෙහෙයවන ලද මහනුවර ආණ්‌ඩුවේ ඒජන්ත බුලර් යන අය සාක්‍ෂි දුන් අතර නඩු විභාගය අවසානයේ එම සාක්‍ෂි මත කඩහපොළ හිමියන් වැරදිකරු බවට තීරණය කොට නඩු විභාගය ආරම්භ කළ දිනට පසු දින එනම් අගෝස්‌තු 26 වැනි දින උදේ 7.00 ට උන්වහන්සේට වෙඩිතබා ඝාතනය කිරීමට නියම කරන ලදී.
යුද්ධාධිකරණය පැවැත්වෙද්දී එහි සිටි නීතිඥයන් කිහිප දෙනකුම මේ තීරණය අසාධාරණ බැව් ආණ්‌ඩුවේ නීතිඥ තැනට දන්වා සිටියහ. සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි සියල්ලම සිතා මතා ගොතා කී බොරුවලින් පිරී ඇති බවත්, පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේගේ ඕනෑකම මත එම සිරකරු යුද්ධාධිකරණය වෙත පමුණුවා ඇති බවත් එවකට මහනුවර සුප්‍රසිද්ධ නීතිඥයකු වූ ස්‌මිත් පෙරකදෝරු මහතා විසින් ආණ්‌ඩුවේ නීතිඥ මහතා වෙත දන්වන ලදී. පසුවදාට නියමිත දඬුවම කල්තබා යළිත් වරක් චෝදනා විභාග කිරීම ආරම්භ කළ යුතු යෑයි ස්‌මිත් මහතා මෙහිදී ආණ්‌ඩුවේ නීතිඥ එච්. සී. සෙල්මි මහතාගෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම අනුව දඬුවම කල් තැබීම පිණිස අවසර ගැනීමට ආණ්‌ඩුවේ නීතිඥ මහතා එවේලේම ආණ්‌ඩුකාරතුමා වෙත ගියේය. කරුණු කියා සිටි ආණ්‌ඩුවේ නීතිඥ සෙල්මි මහතා මහනුවර නීතිඥයන්ගේ නියම හැඟීම හා තීරණය ගැනද සඳහන් කළේය.
නීතිඥයන්ගේ කරුණු ඇසූ පමණින්ම කෝපයට පත් ටොරින්ටන් සාමිවරයා අත්ල දිගහැර වේගයෙන් සිය දණහිසට පහරක් ගැසුවේය. "ලෝකයේම ඇති ඉතාමත්ම සාධාරණ අධිකරණය යුද්ධාධිකරණයයි. මට විරුද්ධව චෝදනාවක් වෙතොත් එයත් යුද්ධාධිකරණයක් ඉදිරියටම යා යුතුයි. නීතිඥයන්ගේ මතය අනුව ඔය හැම සිරකරුවකුම නිර්දෝෂි අය වෙති. ඔය සිරකරුවාගේ නිර්දෝෂිකම හෙට උදේ 7.00 ට ඔප්පු වේවි. මට ඒ ගැන කිසිම විස්‌තරයක් ඕනෑ නෑයි" වේගයෙන් පැවැසීය. තමාගේ උත්සාහය නිශ්පල වූ බැව් දැනගත් සෙල්මි මහතා ආණ්‌ඩුකාරයාගෙන් සමුගෙන පිටත් විය. ආලින්දයට පැමිණි සෙල්මි මහතාට දක්‌නට ලැබුණේ අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපන්ට් මහතාවයි. සර් ඇත්නනි ඔලිපන්ට් අග්‍රවිනිශ්චයකාරතුමා එකවරටම සෙල්ම් මහතා අමතා ප්‍රශ්නයක් නැඟීය. "ආ සෙල්මි හැබෑද හෙට හාමුදුරු නමකට වෙඩි තියන්න යනවයි කියන්නෙ? මොකද ඔය වැඩේ තේරුම? යනුවෙන් විචාළේය. සෙල්මි මහතා පිළිතුරු දුන්නේය. ආණ්‌ඩුකාරතුමාගේ කෝපය ගැනත්, තීරණය ගැනත් ඇසූ අග්‍රවිනිශ්චයකාරතුමා ආපසු හැරුණේය. "එහෙනම් එය වළක්‌වන්න බෑ" යනුවෙන් කියමින් එතැනින් පිටවී ගියේය. අගෝස්‌තු 26 වැනිදා උදේ 7.00 ට කඩහපොළ හිමියන් දෑතේ විලංගු සහිතව මහනුවර යුද්ධාධිකරණ පෝරකය වෙත ගෙනෙනු ලැබීය.
ඝාතක හමුදාංකය භාරව සිටි කපිතන් පෙන්වික් පෝරක බිමේදී යළිත් වරක් කඩහපොළ හිමියන්ගෙන් ඉල්ලීමක් කළේය. "කැරළි නායකයා සැඟවී සිටින තැන දැන්වත් අපට කියන්නැ"යි කපිතන් පෙන්වික් ඉල්ලා සිටියේය. කඩහපොළ හිමියෝ පිළිතුරු දෙමින් "මේ සම්පූර්ණ සත්‍යයයි. එක් වරක් පමණක් මා ඔහු දැක තිබෙනවා. ඒ හැර කිසිම විස්‌තරයක් මා දන්නේ නැහැ"යෑයි කීහ.
කපිතන් පෙන්වික්‌ගේ අණ නිකුත් විය. ඝාතක හමුදාංකයේ මාරක වෙඩි පහරවල් සියල්ලම කඩහපොළ හිමියන්ගේ සිරුර පසාරු කරගෙන යත්ම ඒ හිමියෝ බිම ඇදවැටුණි.
යුද්ධාධිකරණයේ තීරණය පරිදි 1848 අගෝස්‌තු 26 වැනි දින වෙඩි තැබීමෙන් කඩහපොළ හිමියන්ගේ ජීවිතය උන්වහන්සේට අහිමි වුණත්, ඒ පාපතර ක්‍රියාවේ දෝංකාරය එතැනින් අවසාන නොවීය. මේ ඝාතනය නිසා බොහෝ දුරට කලකිරීමට පත් වූ මහනුවර සිවිල් නීතිඥයෝ එංගලන්තයට කරුණු ලියා යෑවිය යුතු යෑයි තීරණය කළහ. පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේගේ කූටෝපාය ගැන සියලු විස්‌තර සොයාගත් මහනුවර ප්‍රසිද්ධ නීතිඥයකු වූ ඡේ. ඒ. දුනුවිල මහතා සන්දේශයක් පිළියෙල කෙළේය. එය එංගලන්තයේ රාජ්‍ය භාර ලේකම්වරයා වෙත යවන ලදී. එහි පිටපතක් රාජකීය කොමිෂන් සභා වාර්තාවට ද ඇතුළත් කරන ලදී. ඡේ. ඒ. දුනුවිල නීතිඥ මහතා විසින් ලියා යවන ලද සන්දේශය ටොරින්ටන් සාමිවරයාගේ රහස් ලිපි තුළ තිබී හමු විය. එහි මෙසේ සඳහන් වී තිබිණි.
"ගොන්ගාලේගොඩ බණ්‌ඩා අල්ලා දෙන්නකුට ඉංගී්‍රසි රජයෙන් පිරිනැමෙන තාන්න මාන්න පිළිබඳ පොරොන්දුවක් මහනුවර දිසාපති විසින් සිංහලේ කෝරාළවරුන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරවූ බැව් මම දනිමි. දුම්බර රටේ මහත්වරුන් වන මඩුගල්ලේත් හල්පේත් නිලයෙන් පහ කිරීමෙන් පසුව එම පුරප්පාඩු දෙක ඉල්ලමින් පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේත් ඔහුගේ පුතාත් මහනුවර දිසාපතිවරයා හමු වූ දිනය ද මම දනිමි. එදින ඔවුන් සමග එහි පැමිණියෙකුගේ ප්‍රකාශයක් ද දැන් මා වෙත තිබේ. පල්ලමේ කුඹුරේ නිලමේත් මහනුවර දිසාපතිවරයාත්, මහනුවර සේනාධිනායක ඩ්රාප්ට් වෙත ගොස් වූ පොරොන්දුව ගැන ද විමසිලිමත් විය යුතුය.
දිසාපතිවරයා ඉදිරියේ වූ පොරොන්දුවෙන් පසුව ආපහු ගෙදර ගිය පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේ කළේ ගොන්ගාලේගොඩ බණ්‌ඩා ගැන තොරතුරු සෙවීමයි. එහෙත් එබඳු තොරතුරක් ඔහුට ලබාගත නොහැකි විය. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් ඔහු කල්පනා කෙළේය. කාහල්ල කඳුකරයේ ගල් ලෙනක විසූ භික්‍ෂුන් වහන්සේ නමක් ගැන අසා දැනගත් පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේ අලුත්ම කුමන්ත්‍රණයක් ගැන කල්පනා කෙළේය. ඒ අනුව කාහල්ල කන්දට පණිවුඩයක් යෑවූ පල්ලමේ කුඹුරේ නිළමේ එම භික්‍ෂුන් වහන්සේ සිය නිවෙසට කැඳවා ගත්තේය."
"භික්‍ෂුන් වහන්සේ එදා පල්ලමේ කුඹුරේ නිලමේගේ ගෙදරට එන විට සවස් වී තිබුණි. ගෙයි ආසනයක් පනවා එතුමාට එහි වැඩ හිඳීමට සැලැස්‌වූ පල්ලමේ කුඹුරේ නිලමේ සිය පුතාත් එහි කැඳවා ගත්තේ ය. වීදියේවැල්ලේ විදානේ නොහොත් බූටාවත්තේ කංකානමත් එහි පැමිණියේය. මේ තුන් දෙනා ම බණ පොතක් ගෙන්වා ඒ මත අත් තබා රහස් රැකීමේ දිවුරුමක් ගත්හ. මේ සියල්ලම පුදුමයෙන් බලා සිටි භික්‍ෂුන් වහන්සේ ඒ පිළිබඳ තොරතුරු විචාළහ."
"අපිත් සිංහලේ රජු හා සමග එක් වීමට කැමැත්තෙන් සිටිමු. සිංහලේ රජතුමා සැඟවී සිටින තැන ඔබතුමන්ගෙන් දැනගැනීමට අපි ඔබතුමා මෙහි කැඳවා ගත්තෙමු."යි පල්ලමේ කුඹුරේ නිලමේ කියා සිටියේ ය. මේ ඉල්ලීම ඇසූ භික්‍ෂුන් වහන්සේ පුදුමයට පත් වූහ. සිංහලේ රජු පිළිබඳ කිසි තොරතුරක් දැන් තමා නොදන්නා බැව් එතුමෝ ප්‍රකාශ කළහ. එහෙත් පල්ලමේ කුඹුරේ එයින් සතුටට පත් නොවූයේය. යළිත් යළිත් එම ඉල්ලීම කරමින් කන්නලව් කිරීමට පටන් ගත්තේය. මඳක් කල්පනාකාරීව සිටි භීක්‍ෂුන් වහන්සේ සිනාසුනහ. "එහෙනම් ඔන්න අහගන්නැ"යි එතුමෝ කතාව පටන් ගත්හ. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ බලතල ලබා සිටින ශ්‍රේෂ්ඨතම රජතුමා දැන් කොළඹ කොටුවේ විශාල මැඳුරක ඉතා සුවයෙන් පසුවන්නේ යෑ"යි භික්‍ෂුන් වහන්සේ ඉතා දිග කතාවක් කියන්නට පටන් ගත්හ. මේ කතාවෙන් එතුමා විසින් හඳුන්වා දෙනු ලැබූයේ ටොරිංටන් සාමිවරයා මිස අන් කිසිවකු නො වේ. පල්ලමේ කුඹුරේ නිලමේට එය හොඳටම ප්‍රමාණවත් විය."
"පසුවදා මහනුවරින් සේනාවක් ගෙන ගොස් කාහල්ලේ ගල් ලෙනක් තුළදී සිර භාරයට ගනු ලැබුවේ මේ ඉහතින් දැක්‌වුණු භික්‍ෂුන් වහන්සේයි. යුද්ධාධිකරණය ඉදිරියේ සාක්‍ෂි දුන් පල්ලමේ කුඹුරේ නිලමේත් ඔහුගේ පුතාගේ සහ වීදියවැල්ලේ විදානේගේත් සාක්‍ෂීවලට මම පරීක්‍ෂාවෙන් ඇහුම්කන් දුන්නෙමි. ඔවුන්ගේ ඒ සාක්‍ෂි සියල්ලම සිතා මතා කියන ලද අමූලික බොරු බැව් මම ස්‌ථිරව ම කියමි. ඒ භික්‍ෂුන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බැව් මම දිවුරා කියන්නෙමි. එය ඔප්පු කිරීමට මා ළඟ සක්‍ෂි තිබේ. ඒ භික්‍ෂූන් වහන්සේ මරා දැමීම සම්පූර්ණම මිනිස් ඝාතනයක් බැව් දෙවියන්ගේ නාමයෙන් මම කියන්නෙමි. දෙවියන්ගේ රැකවරණය මට ලැබෙත්වා
මෙයට ඔබගේ යටහත් වැසි ඡේ. ඒ. දුනුවිල"
-----------------------------------------------------------
"එදා මෙදා වූ විවිධ කාලවකවානු තුළ විදේශිකයන් විසින් මෙරට ආක්‍රමණය කර රටින් කිසියම් කොටසක් අල්ලාගෙන යම් කාලයකට පාලනය කළත් ඒ කිසිදු අවස්‌ථාවක මුළු රටේම පාලනය ඔවුන් අතට ගැනීමට හැකි වී නැත. අනුරාධපුර හා පොළොන්නරු යුගයේදී සොළීන් විසින් එසේ රජරට බලය ලබා ගත්තද රටේ අනිකුත් ප්‍රදේශ ස්‌වාධීනව තිබුණි. 1505 මෙරටට ආ පරංගීන් 1597 වන විට පහත රට ඔවුන්ගේ බලය පතුරුවා ගත්තද සටන් කීපයකින් පසුව වුවද උඩරට ඔවුන්ට අල්ලා ගැනීමට නොහැකි විය. මේ අයුරින්ම 1638 - 58 කාලයේ ඕලන්දකාරයින් පෘතුගීසීන්ගෙන් පහත රට ප්‍රදේශ අල්ලා ගත්තද ද කිසි විටක උඩරට අල්ලා ගැනීමට නොහැකි විය. 1798 දී ලන්දේසීන් සතුව තිබූ පහත රට ප්‍රදේශවල අයිතිය ඉංග්‍රීසීන් විසින් ලබා ගෙන අනතුරුව 1802 දී හමුදා බලයෙන් උඩරට අල්ලා ගැනීමට තැත් දැරුවද එය අසාර්ථක විය. එහෙත් 1815 දී සටනකින් තොරවම ඔවුන්ට උඩරට අල්ලා ගැනීමට හැකි වූයෙන් ප්‍රථම වරට මුළු ශ්‍රී ලංකාවේම පාලනය විදේශිකයන් අතට පත්විය. මෙසේ ඉංගීසීන් විසින් උඩරට අල්ලා ගැනීමේදී උඩරට රදලයන්ගේ ක්‍රියාකලාපය, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲර ක්‍රියාකලාපය ආදී හේතු ඒ සඳහා හේතු වශයෙන් බොහෝ දෙනකු විසින් දැක්‌වුවද මීට පෙර කිසිවෙකුට උඩරට අල්ලා ගැනීමට නොහැකි වූයේ මන්දැයි විමසීමේ දී 1815 උඩරට අල්ලා ගැනීමේදී ඊට විශේෂ වූ හේතූන් තිබූ බව සනාථ වේ. එනම් ඉතා සූක්‍ෂම බුද්ධියකින් හෙබි ඉංග්‍රීසි ජාතික නිලධාරියකු වූ ජෝන් ඩොයිලි ගේ ක්‍රියාකලාපය උඩරට යටත් කර ගැනීමට ඔහු විසින් කරන ලද කූට සැලසුම් හෙළිකර ගැනීමට හැකි නිසාය. ඔහු විසින් රචිත ඔහුගේ දින පොතේ කූට ලෙස උඩරට යටත්කර ගැනීම සඳහා දෛනිකව ඔහු විසින් කරන ලද සැලසුම් හා ක්‍රියා හා ඒවා පණ ගැන්වූ සැටිත් ප්‍රතිපලයක් ලියා තබා තිබේ. එය කියවන කල්හි සිහියට නැගෙන්නේ බුදුන් වහන්සේගේ සමයේ අජාසත්ගේ ඇමැති වක්‌සකාර විසින් ලිච්ඡවි නායකයන් භේද බින්න කොට ඔවුන්ගේ රාජධානිය අල්ලා ගැනීමේ ප්‍රවෘත්තියයි. මන්ද ජෝන් ඩොයිලි ද ලංකාවේදී රඟපා ඇත්තේ වත්සකාරගේ චරිතයම නිසාය.
1774 ජුනි මස 11 දින එංගලන්තයේ දී උපත ලත් ඩොයිලිගේ පියා මැතිව් ඩොයිලි නම් වූ පූජකවරයකු විය. එංගලන්තයේ ඉපැරණි වංශයකින් පැවත එනු ලැබනේනේ යෑයි කියනු ලබන ඔහුගේ වංශයේ ප්‍රථමයා එංගලන්තය ජයගත් විලියම් සමඟ එරටට පැමිණියෙකු බවත්, පසුව එංගලන්තයේ ලිඩ්එක්‌ස් අසල වූ ඔයිලි නම් ගමේ පදිංචි වූ බවත් සඳහන්ය. අනතුරුව ඔහුට ඔක්‌ස්‌ෆර්ඩ් නින්දගම ලැබී එහි සිය මන්දිරය ඉදිකර පදිංචිව තිබේ. වෙස්‌මිනිස්‌ටර්හිදී සිය මූලික අධ්‍යාපනය ලබාගත් ජෝන් ඩොයිලි උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ අතර එහි දී ක්‍රීඩා ඇතුළු සියලු අංශයන්ගෙන් ත්‍යාග ලබමින් සිය විවිධ දක්‌ෂතා පෙන්වූ ශිෂ්‍යයකු විය. විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගත් ඔහු 1796 දී වයස 22 දී හරියටම ලංකාවේ පහතරට බ්‍රිතාන්‍යයන්ට යටත්වූ වර්ෂයේ දී බ්‍රිතාන්‍ය සිවිල් සේවයට බැඳුණේය. එහෙයින් ලංකාව ක්‍රවුන් කොලනියක් වීමෙන් පසු මෙරටට එවූ පළමුවැනි බ්‍රිතාන්‍ය සිවිල් සේවක කණ්‌ඩායමට ඔහු ද අයත් විය. මෙරටදී ඔහුට පළමුවෙන්ම සේවය කිරීමට සිදුවයේ කොළඹ ප්‍රාදේශීය අධිකරණයේ සාමාජිකයකු වශයෙනි. පසුව 1803 දී මාතර උසාවියේ ප්‍රධානියා ලෙස පත්කර යෑවූ ඔහු 1804 දී මාතර වෙළෙඳ කටයුතු හා ආදායම් පිළිබඳ ඒජන්තවරයා ලෙස ද පත්කරන ලදී. ඊළඟ වසරේ දී ඔහුගේ බල ප්‍රදේශයට ගාල්ල ද අයත් විය. සිය අධිරාජ්‍යයට සේවය කිරීමේදී වඩාත් කැපවී කටයුතු කිරීම සඳහා අත්‍යවශ්‍ය කාර්යයක් වශයෙන් ඔහුට දේශීයන්ගේ භාෂාව දැන ගැනීමට අවශ්‍ය විය. එහෙයින් අනිකුත් ඉංග්‍රීසි නිලධාරීන් මෙන් තෝල්කයින්ගෙන් පමණක් යෑපෙන්නේ නැතිව එසේම තොල්කයින් පමණක් විශ්වාස නොකර තමා ම සිංහල ඉගෙනීම ආරම්භ කළේය. ඒ එවකට පහතරට සුපතළ කොරතොට නාහිමියන් වෙතිනි. වසර කීපයකින් සිංහල බස දක්‌ෂ ලෙස හැසිරවීමේ දක්‌ෂයකු වූ ඔහු 1805 දී එවකට ආණ්‌ඩුකාර තෝමස් මේට්‌ලන්ඩ් විසින් ඉංග්‍රීසි රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ධුරයට පත්කරන ලදී. මෙසේ ඩොයිලි මෙරට ඉංග්‍රීසි සිවිල් සේවයේ කැපී පෙනෙන හා අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පත්විය. ඔහුගේ සිංහල භාෂා ප්‍රවීණත්වය ඇතුළු සුවිශේෂ දක්‌ෂකම් නිසාම ආණ්‌ඩුකාරයා විසින් ඔහු උඩරට හා ඉංග්‍රීසි රජය අතර කටයුතුවල තෝල්කවරයා වශයෙන් පමණක් නොව උඩරට රදළ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ද පත්කළේය. උඩරට ප්‍රධානීන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් බිඳුවා ඉංග්‍රීසීන්ගේ පාර්ශ්වයට හරවා ගැනීමේ කූට ව්‍යාපාරය ඔහු ආරම්භ කළේ මෙම පත්වීමේ පටන්ය.
මේ සඳහා ඔහු පළමුවෙන්ම කළේ උඩරට ඔත්තු සෙවීම සඳහා තමාට විශ්වාස පුද්ගලයන් සොයාගෙන රහස් ඔත්තු සේවයක් ඇරඹීමය. එහිදී උඩරැටියන්ට සැක කිරීමට නොහැකි පරිදි වෙළෙන්දන් ද භික්‌ෂූන් ඇතුළු පිරිස් ඒ සඳහා යොදා ගන්නා ලදී. ඔවුන් සේවයේ යොදවමින් උඩරට ප්‍රධානීන්ගේ දුර්වලකම් මෙන්ම ඔවුන්ගේ ආශාවන් මොනවාදැයි පරීක්‍ෂා කර දැන ගත්තේය. උඩරට රදළ පවුල් අතර ඇති අමනාපකම් මිත්‍රකම් සොයා දැන ගත්තේය. උඩරට පාලකයන් වශයෙන් සිටින වඩුග පරම්පරාව සිංහලයන් නොවන බවත්, අඩුම වශයෙන් ඊළඟ පරම්පරාවකදී වත් උඩරට රදළ පෙළපතකට රජකම නොයන පරිදි සිය අගබිසවුන් වශයෙන් දකුණු ඉන්දියාවේ මදුරාපුරයෙන් ම බිසවුන් ගෙන්වා ගත් බවත් දැන ගති. අනාගත රජකම අපේක්‌ෂාවෙන් පිළිමතලාවේ ආදී රදළයින් තමන්ගේ දූ දරුවන් වඩුග රජුට පාවා දුන්නද රාජසිංහ රජු ඔවුන්ට අග බිසෝ තනතුර නොදී සිය අන්තඃපුරයට ඇතුළු කර ගති. තවද උඩරට සෑහෙන ප්‍රමාණයක වඩුග පිරිසක් ජීවත් වූ අතර විශේෂයෙන් ඔවුන් සිටි ප්‍රදේශය මලබාර් වීදිය වූයේය. ඔවුන් උඩරට ප්‍රධානීන්ට ගරුසරු නොකළ අවස්‌ථා බොහෝ විය. රදළයන් බොහෝ දෙනකු ඔවුන්ගෙන් මුදල් ණයට ගෙන ණය කාරයෝ වී සිටියහ. මේ තත්ත්වය යටතේ රදළයින් හා වඩුගයින් අතරද යටින් හොඳ හිතක් නොවීය. ඩොලියි මේ තත්ත්වය හොඳින් අධ්‍යයනය කොට බොර දියේ මාළු බාන්නා සේ උඩරට රදළයින් හා නායකයින් රජු කෙරේ බිඳුවීමටත් ඉංග්‍රීසීන්ට පක්‍ෂ කර ගැනීමේත් යෙදුණේය. රජු හා රදළයින් අතර මෙම විරසකය වර්ධනය වෙත්ම රජු නොයෙක් කාරණා මත රදළයින්ට දඬුවම් කරමින් ඔවුන් යටත්කර තබා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වූයේ දෙපාර්ශ්වය අතර භේදය තව තවත් වැඩි වීමය. තවද රටේ පාලකයා අනිවාර්යෙන්ම බෞද්ධයකු විය යුතු යෑයි පුරාණයේ සිටම සම්ප්‍රදායක් වූයේය. අනුරාධපුර අග භාගයේදී 4 වැනි මිහිඳුගේ ශිලා ලිපියක සිරිලක්‌හි නොබෝසත්හු නොරඡ්වන්හි (බෝසත් කෙනෙකු නොවන්නෙකුට සිරිලක රජ විය නොහැකිය.) යන වැකිය ඊට උදාහරණයකි. එහෙත් මෙම අවසාන වඩුග පාලකයින් බුදු දහම ගැන කිසි අනුග්‍රහයක් සැලකිල්ලක් දැක්‌වූ බවක් නොපෙනේ. තමාගේ පාලනයට විරුද්ධ වූයේ යෑයි යන චෝදනාව පිට භික්‌ෂූන්ට පවා දඬුවම් කර ඇත. මේ තත්ත්වය වඩාත් නරක් වූයේ උඩරට පළමු අධිකාරම වූ ඇහැලේපොල මෙන්ම පුස්‌සැල්ල දිසාව ද අමනාප කර ගැනීමය. ඒ අතර ජෝන් ඩොයිලි කළේ මෙම රදළයින්ටත් අනිකුත් නායකයන්ටත් තෑගි මුවාවෙන් විදේශීය බඩු භාණ්‌ඩ අල්ලස් වශයෙන් දෙමින් රජුට විපක්‍ෂ වන නායකයන් තමනට පක්‍ෂපාතී කර ගැනීමය. ඇහැලේපොල මෙන් ම පුස්‌සැල්ලේ ද එක්‌නැලිගොඩ ද මෙසේ රජුට විරුද්ධ වී ඉංග්‍රීසීන්ට පක්‍ෂ වූහ. ඔහුගේ රහස් ඔත්තු ජාලය කොතරම් හොඳින් ක්‍රියාත්මක වූයේද යත් රජු විසින් ඉදිරියේදී කරන්නට යන්නා වූ සියල්ල ඊට පෙර කීමට තරම් ඩොයිලි සමත්වී ඇත. සිය රහස් ඔත්තුකරුවන් සමඟ කරන ලද සාකච්ඡා සියල්ල තම දින පොතේ සඳහන් කර ඇති හෙයින් මේ තත්ත්වය දැනගත හැකි අතර ඒ සඳහා එක් උදාහරණයක් වශයෙන් 1812 ජුනි 11 දින පුස්‌සැල්ලේ දිසාව අන්දරපානේ මුහන්දිරම්ට ඩොයිලිගේ සැප දුක් විමසා බලා එන ලෙස දන්වා ඇති බවත්, රජු සතර කෝරළයට පැමිණීම සඳහා කුරුණෑගල මාලිගයක් ඉදිකරන බවත් එහි පරමාර්ථය වන්නේ ඒ ප්‍රදේශයේ බලය ස්‌ථාපිත කිරීමට මෙන්ම රටේ රජුගේ අණ නිසි ලෙස පවත්වා ගැනීමට බවත් රහසේ දන්වා එවූ බව සටහන් කර ඇත. ඔහුගේ මෙම ක්‍රියාව නිසා අවසානයේ උඩරට නායකයන් රජුට විරුද්ධව කැරැල්ලක් ගසන තත්ත්වයට පරිසරය සකසා තිබේ. ඇහැලේපොල ඩොයිලිට දන්වා ඇති පරිදි එසේ උඩරැටියන් කැරැලි ගැසීමට සූදානම් බවත් ඒ සඳහා ඉංග්‍රීසීන්ගෙන් ආයුද අවශ්‍ය බවත් දැන් වූ බව ද ඩොයිලි දක්‌වයි. 1814 දී ඇහැලේපොල යටතේ වූ සපරගමුවේ කැරැල්ල ආරම්භ වූ අතර සුළු කලකින් එය අනිකුත් ප්‍රදේශවල ද පැතිර ගියේය. ඇහැලේපොලගේ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා රජතුමා තමාට පක්‍ෂපාතීව සිටි මොල්ලිගොඩ යවන ලදී. ඔහු කැරැලිකරුවන්ට දැඩි දඬුවම් දුන් අතර රජතුමා විසින් ඇහැලේපොලගේ පවුල ඝාතනය කරන ලදී. මහ දේවාලය හා නාථ දේවාලය අතර දළදා මාලිගය ඉදිරිපිට රජු බලා සිටියදී ඇහැලේපොලගේ කුඩා දරුවන් මැරවීම උඩරට සියලු දෙනාගේ පිළිකුලට හා අප්‍රසාදයට හේතු විය. මෙම රදළයින් සියලු දෙනා එකිනෙකාට ඥාතීන් වීම එක් හේතුවකි. තවද උඩරට නායක භික්‌ෂූන් ද ඔවුන්ගේ නෑයන් වීම නිසා මෙම ක්‍රියාවට භික්‌ෂූන්ගේ අප්‍රසාදයද පළවිය. කැරැල්ලෙන් පසු මොරතොට කුඩා උන්නාන්සේ ඇතුළු භික්‌ෂූන් සිර භාරයට ගැනීමෙන් මේ තත්ත්වය තවත් උත්සන්න විය. පුස්‌සැල්ල ඇතුළු තව තවත් නායකයන් සිරභාරයට ගැනීම දරුණු දඬුවම් දීම ආදී වශයෙන් සිදු වූ සියලු දේ ඩොයිලි අපේක්‌ෂා කළ පරිදි ඉංග්‍රීසීන්ට හොඳ වාතාවරනයක් ලබා දුන්නේය. මේ වනවිට උඩරටට පිවිසි පහත රට වැසියන් කීප දෙනෙකු එහිදී මරා දැමීම හේතුවක් කොට ගනිමින් රජුගෙන් ඒ පිළිබඳ කරුණු කිසිවක් විමසා නොබලා ඩොයිලි හා බ්‍රවුන්රිග් උඩරට අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කළහ. 1815 පෙබරවාරි මාසයේදී කිසිදු සටනකින් තොරව ශ්‍රී වික්‍රම රාජසිංහ අල්ලා
ගැනීමටත් උඩරට යටත් කර ගැනීමටත් ඔවුන්ට හැකි විය. ඉංග්‍රීසීන් විසින් ජෝන් ඩොයිලි උඩරට භාර ඉංග්‍රීසි රෙසිඩන්ට් වශයෙන් පත්කරන ලදී.
අනූෂි තිසාරා කාරියවසම් "

කැප්පෙටිපොල ඇතුලු රදල ප්‍රදානීන් ට ඕනේ උනේ තමන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගන්න කටයුතු කරපු එක.. ඒ නිසා තමයි ගිවිසුමේ වගන්තියක් තමන්ගේ වර්ප්‍රසාද සහ තනතුරු සම්බන්දයෙන් වෙන් වෙන්නේ.
- ඇහැලේපොල මහ නිලමේ
- මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
- රත්වත්තේ -මාතලේ දිසාව
- ගලගොඩ - නුවර කලාවියේ දිසාව
- මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව
- මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
- පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
- පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
- මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
- ගලගම -තමන්කඩුවේ දිසාව

මගේ තර්කය කැප්පෙටිපොල වීරයෙක් වෙන්නේ රට වෙනුවෙන් යුද්ද කලා නම් නමුත්, කැප්පෙට්පොල ඇතුලු පිළිමතලව්වේ, මිල්ලව ඇතුළු තවත් නායකයන් ගණනාවක් යුද්ද කලේ පෞද්ගලික බලය වෙනුවෙන්, මේක තහවුරු උනේ කැප්පෙටිපොලගේ රාජාභිශේකයෙන්. කැප්පෙටිපොල, ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ කාලේ ඉදන් ම උත්සහ කලේ රජ වෙන්න. කැප්පෙටිපොල දිගින් දිගටම උත්සහ කලේ ඒ වෙනුවෙන්.
නමුත්, 1848 සම්පුර්ණයෙන් පොදු ජනතාවගේ කැරැල්ලක්. ඒක මෙහෙයවපු පුරන් අප්පුලා සටන් කරේ මුලු උඩරට රාජ්‍ය වෙනුවෙන් ම මිසක් පෞද්ගලික බලයක් වෙනුවෙන් නෙමෙයි.
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
විවාදයට විවරයි.
No comments:
Post a Comment