මගේ ආදර කථාව 1.
අද මම වේයන්ගොඩ ගියා. වාහනේ ගියපු නිසා මම ගියේ නිට්ටඹුව හරහා...
මට මතක් උනා ඔයාව... හැබැයි එදා වගේ ගොරව ගොරව වැස්සෙත් නැහැ, ඔයා මහා හයියෙන් වැටෙන වතුර බිංදු වලට බය වෙලා වගේ මට කිට්ටු වෙලා හිටියෙත් නැහැ. මතකද අපි KANDY එකේ ඉදන් එළියට බැහැලා පාර දිගේ ඇවිදගෙන ගියා... හයියෙන් ගහන අකුණකට ඔයා මගේ ලඟට ම ලං වුනා. ඒ වෙලාවේ කළුවර ම කළුවර අහස පුරා පුපුරණ අකුණු දිහා බලලා මම හිතුවේ ඔයාට ආයෙත් අකුණකටවත් බය නොවෙන්න ලඟ ඉන්නම් කියලා. ඒත්?
අන්තිමට අපි බැලුම්මහරට යනකොට ඔයාට හොඳට ම පරක්කු වෙලා. ඔයා බය වෙලා බස් එක මිස් වුන හින්දා, ඒත් මම ඊට වඩා බයවෙලා, ඒත් ඒක කොහොම පෙන්නද? මතකද අපි ත්‍රීවීල් එකක් හොයාගන්න මහන්සි වුන තරමක්? අන්තිමට හම්බවෙච්ච කිසිම කමකට නැති වීල් එකේ අපි ගියා, ඒත් ඔයා මාව මඟින් බැස්සුවා.. මම ඔයාට අතේ තිබිච්ච සල්ලි ටිකත් දීලා අන්තිමට බැහැලා ඔයා යනකම් බලන් හිටියා.
අන්තිමට ජිවිතෙත් වුනේ ඒ ටිකමයි. ඔයා මගේ හදවත් අරගෙන මාව මඟින් බස්සලා ඈතට ම ගියා. තාමත් මම මගේ ආදර කථාවට ආදරෙයි.
විමුක්ති අයියා.
No comments:
Post a Comment