කොහොමද මහරගම කෑම? 🤔

චමිල් පතිරණ ඇතුළු කණ්ඩායමක් විසින් මහරගම නාගරික බලප්‍රදේශයේ ආපන ශාලාවල ආහාර ගුණාත්මක භාවය පිළිබඳව සිදුකරන ලද පරික්ෂණයකින් සොයාගත් ප්‍රතිපලයක් මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා වෙත විවෘත ලිපියක් මඟින් යොමු කර තිබේ.

එම ලිපිය මඟින් සඳහන් කර ඇති පරීක්ෂණයේ ප්‍රතිපල,

1. මහරගම අවට 100 % ප්‍රමිතියෙන් යුතු එකම ආපන ශාලාවක්වත් නොමැත.


2. මැස්සන් නොමැති එකම ආපන ශාලාවක්වත් නොමැත.


3. ආපන ශාලා හිමියන් ආහාර වල කල් ඉකුත්වීම පිළිබද කිසිම තැකීමක් නොකිරීම.


4. කිසිම ආපන ශාලාවක් අඛණ්ඩව පිරිසිදු ආහාර වේලක් ලබා නොදීම.


මෙම ගැටළුව වසර ගණනාවක සිට මහරගම ප්‍රදේශවාසී ජනතාවට වඩා දිනපතා විවිධ අවශ්‍යතා සඳහා මහරගම වෙත පැමිණෙන ජනතාව සහ රැකියා සහ විවිධ අවශ්‍යතා සඳහා මහරගම ලැගුම්ගෙන සිටින බහුතරයක් ජනතාව පිඩා විදින ගැටලුවකි.

විශේෂයෙන් කොළඹ නගරය තුල ආපන ශාලා වර්ගීකරණයක් කොළඹ නගර සභාව විසින් සිදුකරන අතර එම වර්ගීකරණය ද සියලු ආපන ශාලා තුල පෙනෙන දර්ශනය කර තිබේ.

නමුත්, මහරගම තත්ත්වය මීට හාත් පසින්ම වෙනස් එකකි.

වසර ගණනක් මෙම ආහාර පරිභෝජනය හේතුවෙන් මහරගම නේවාසිකව සිටින මා ඇතුළු අප හිතවතුන් විවිධ රෝගාබාද වලට ලක්වූ අවස්ථා ගණන සුළුපටු නොවේ.

විශේෂයෙන් මහරගම නාගරික බලප්‍රදේශයේ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අවට පවතින අඩු මිල ආපන ශාලා තුලින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට සපයන ආහාර පාන ගුණාත්මකභාවය අතින් ඇත්තේ පහලම තත්වයකය.

කොළඹට නුදුරුව වේගයෙන් දියුණුවන ආර්ථිකය කලාපයක් වන මහරගම සංවර්ධණය ගුණාත්මක සහ තිරසාර එකක් විය යුතුය.

පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල කෙසේ වෙතත්, වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන කොළඹ මහ නගර සංවර්ධන සැලැස්මේ ද විශේෂ කේන්ද්‍රස්ථානයක් ගන්නා මහරගම එදිනෙදා මතුවන ගැටළු ගැන රජයේ අවධානය ද මිට වඩා යොමු වීම ඉතා වැදගත්ය.

රෙදිපිළි වෙළඳාම තුලින් වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවටද, අධිවේගී මාර්ගය හේතුවෙන් ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවටද, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී විවිධ කේෂ්ත්‍රයන්හි කේන්ද්‍රස්ථානයක් වන මහරගම හෙට දවස වෙනුවෙන් දේශපාලන නායකයන්ට වඩා, ජනතා උනන්දුව ඉහළ මට්ටමක තිබීම අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ද ආදර්ශයක් වන බව කිව යුතුමය. විශේෂත්වය වන්නේ එම කණ්ඩායම මහරගම ඡන්ද බලය හිමි පිරිස් සහ ඡන්ද බලය අහිමි පිරිස් යන කණ්ඩායම් දෙකෙන් ම සමන්විත වීමයි.

චමිල් පතිරණ ඇතුළු කණ්ඩායම විසින් මහත් පීඩාකාරීව 
සිදුකල පරීක්ෂණය පිළිබඳව අප ස්තුතිවන්ත වියයුතු බව අතර ම එම යෝජනාව ක්‍රියාත්මක කර ගැනීම උදෙසා අප පෙළගැසිය යුතුය.

- විමුක්ති

No comments:

Post a Comment