මගේ ආදර කථාව 3 - මිස් වෙච්චි බස් එක.
"අපේ මඟුල තීන්දුයි. ඉක්මනටම වෙඩින් එක ගන්නවා." ඔයා එදා Phone එකේ එහා පැත්තේ ඉදන් කියපු වචන ටික මගේ පපුව උණු කරලා පුච්චලා දැම්මා... මේ වචනත් එක්ක හිරවෙලා - පුපුරු ගහන වේදනාව මැද්දෙන් මම අසරණ වෙලා.
ඔයා මට නැතිවුණා නෙමෙයි. අපි කවදාවත් අපේ නොවෙන තාලෙට වැඩ සිද්ධ වුනා. ඒකයි තාමත් මොරටුව කැම්පස් එක ගාවින් යනකොට මට ඉකිගැහෙන්නේ.
ඔයා නොදැක්කට... මගේ කොට්ටේ හැමදාව මම අනිත් පැත්ත හරවලා නිදා ගන්නේ - කොට්ටේ එක පැත්තක් මගේ කඳුළු තෙත් බරිත වෙන හින්දා.
ඔව්! ඔයා මොනා කරන්නද? 2008දී ඔයාව සිහිනයන් අතර හමුවුණත් අපේ දෛවෝපගත හමුවීම වුණේ මික්කගේ ලොජික් ක්ලාස් එකේදී. ඔයා හිටියේ මගේ පිටිපස්සේ ඩෙස් එකේ. බටු ඇට දෙකක් උස නැති වුණාට ඔයා තාමත් මට වඩා ගොඩක් උසයි. මම දන්නවා ඒක. ඒත් තාමත් මම කාටවට්ත් වඩා ඔයාට ආදරෙයි...
විමුක්ති.
No comments:
Post a Comment