වයඹ පරිසර අධිකාරිය තිත්තවැල්ලෙන් රටම තිත්ත කරයි.
වර්තමාන ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ භෞතික සංවර්ධන වැඩපිළිවෙළක් විනා තිරසාර සංවර්ධනයක් උදෙසා සකසන ලද්දක් නොවේ. වනරක්ෂිත විනාශ කරමින් ජෛව ගෝලයට හානි කරමින් සිදුවන වත්මන් සංවර්ධන ක‍්‍රියාවලිය කෙසේ කෙදිනක අවසන් වේදැයි අවිනිශ්චිත ගැටලූවකි. රටක තීන්දු තීරණ ගැනීමේදී සියලූ විෂයයන් පිළිබඳ පරිචයක් ඇති විද්වතුන් එකී යන්ත‍්‍රණයට හවුල් විය යුත්තේ එකී තීන්දු තීරණවලින් උද්ගතවන තත්ත්වයන් පිළිබඳ සාර්ව අර්ථකථනයන් ලබාගැනීමටයි. විවිධ ක්ෂේත‍්‍රයන් තුළින් ඇතැම් ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීමට ආයතන කිහිපයකම එකඟතාව අවශ්‍ය වන්නේ උක්ත කී සාධකයන් හේතුවෙනි. ජාතික මට්ටමේ තත්ත්වයන් මෙසේ තිබියදී වයඹ පළාතේ දිගින් දිගටම සිදුවන පාරිසරික හානි පිළිබඳ පසුගිය සමය පුරාම ‘රන්දිව’ පුවත්පත මඟින් අනාවරණය කරන්නට සිදුවූයේ වයඹ පළාත් පරිසර අධිකාරියේ අ¥රදර්ශී ක‍්‍රියා පිළිවෙත හේතුවෙනි. මෙවර අප හෙළිකරන්නේ කුරුණෑගල-පුත්තලම ප‍්‍රධාන මාර්ගයට සමීපව පිහිටා තිබෙන සාරාගම වැව් රක්ෂිතය අවදානමට ලක්කරමින් සිදුවන නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙනි.
කුරුණෑගල වැව හැරුණුවිට කුරුණෑගලට ආසන්නම වැව ලෙස මෙසේ අවදානමට ලක්ව ඇති සාරාගම වැව හඳුන්වා දිය හැකිය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මාස්පොත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 777 දරන මාවිදළුපොත ග‍්‍රාම නිලධාරි බල ප‍්‍රදේශයේ පිහිටා තිබෙන සාරාගම හෙවත් තිත්තවැල්ල වැව කුරුණෑගල ප‍්‍රාදේශීය සභා පාලන ප‍්‍රදේශයට අයත්ය. මෙම වැව පිහිටා තිබෙන පරිසරය මනස්කාන්ත දර්ශන රැුසකටම උරුමකම් කියන්නකි. වැව මධ්‍යයට කර තැනූ පුත්තලම- කුරුණෑගල ප‍්‍රධාන මාර්ගය මෙන්ම වැවට පසෙකින් ඉදිකළ සාරාගම විහාරය හා බුදුපිළිමය වැව් පරිසරයේ සුන්දරත්වය තව තවත් ඉහළ නංවන්නකි. වසර දහයකට පමණ පෙර කුරුණෑගල නගරයට මායිම්ව පිහිටි කුරුණෑගල වැවද මෙවැනිම මනස්කාන්ත පරිසර පද්ධතියකට උරුමකම් කීවද කුරුණෑගල වැව වටා කිසිදු සැලසුමකින් තොරව පාරිසරික පද්ධතියට හානි කරමින් ඉදිකළ හෝටල් පද්ධතිය එකී මනස්කාන්තභාවය විනාශයට පත්කළ අතීතයක්ද වයඹට උරුමය. අවසානයේ කුරුණෑගල නගරයේ ජල අවශ්‍යතාව සපිරූ කුරුණෑගල වැව් ජලය භාවිතයට ගත නොහැකි තරමටම ¥ෂණයට ලක්විය.
කුරුණෑගල වැව හැරුණුවිට කුරුණෑගලට ආසන්නම වැව ලෙස මෙසේ අවදානමට ලක්ව ඇති සාරාගම වැව හඳුන්වා දිය හැකිය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මාස්පොත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 777 දරන මාවිදළුපොත ග‍්‍රාම නිලධාරි බල ප‍්‍රදේශයේ පිහිටා තිබෙන සාරාගම හෙවත් තිත්තවැල්ල වැව කුරුණෑගල ප‍්‍රාදේශීය සභා පාලන ප‍්‍රදේශයට අයත්ය. මෙම වැව පිහිටා තිබෙන පරිසරය මනස්කාන්ත දර්ශන රැුසකටම උරුමකම් කියන්නකි. වැව මධ්‍යයට කර තැනූ පුත්තලම- කුරුණෑගල ප‍්‍රධාන මාර්ගය මෙන්ම වැවට පසෙකින් ඉදිකළ සාරාගම විහාරය හා බුදුපිළිමය වැව් පරිසරයේ සුන්දරත්වය තව තවත් ඉහළ නංවන්නකි. වසර දහයකට පමණ පෙර කුරුණෑගල නගරයට මායිම්ව පිහිටි කුරුණෑගල වැවද මෙවැනිම මනස්කාන්ත පරිසර පද්ධතියකට උරුමකම් කීවද කුරුණෑගල වැව වටා කිසිදු සැලසුමකින් තොරව පාරිසරික පද්ධතියට හානි කරමින් ඉදිකළ හෝටල් පද්ධතිය එකී මනස්කාන්තභාවය විනාශයට පත්කළ අතීතයක්ද වයඹට උරුමය. අවසානයේ කුරුණෑගල නගරයේ ජල අවශ්‍යතාව සපිරූ කුරුණෑගල වැව් ජලය භාවිතයට ගත නොහැකි තරමටම ¥ෂණයට ලක්විය.
කුරුණෑගල වැව ඇතුළු පරිසර පද්ධතිය මරු තුරුළට යැවූ හෝටල් හා ලැගුම්හල් ව්‍යාපාරිකයන් දැන් අත තබා ඇත්තේ සාරාගම වැව වෙතය. මෙකී පාරිසරික පාප කර්මයේ පව බැරවන්නේද වයඹ පළාත් පරිසර අධිකාරිය වෙතටය. ඒ මේ වනවිටත් සාරාගම වැව ආශ‍්‍රිත පරිසර පද්ධතිය මරු තුරුළට යැවීමට අවශ්‍ය නෛතික බලයන් සියල්ලක්ම පරිසර අධිකාරිය අදාළ ව්‍යාපාරිකයන් වෙත ලබාදී අවසන් හෙයිනි.
නමුත් අර්බුදය මතුවන්නේ වයඹ පරිසර අධිකාරිය මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමත් සමගය. ශ‍්‍රී ලංකාවේ ජාතික පාරිසරික පනත ප‍්‍රකාරව කාමර 99කට වඩා වැඩි කාමර ගණනාවකින් යුතු හෝටලයක් ඉදිකිරීමේදී හෝ පරිසර සංවේදී කලාපයක් තුළ හෝටලයක් ඉදිකිරීමේදී පරිසර බලපෑම් ඇගැයීමක් සිදුකිරීම අනිවාර්යය කාරණයකි. නමුත් මේ වනතෙක්ම සාරාගම වැව ආශ‍්‍රිතව සිදුකරගෙන යන කිසිදු ව්‍යාපෘතියකට මේ වනතෙක්ම අදාළ පරිසර බලපෑම් ඇගැයීම සිදුකර නැත.
මේ වනවිටත් සාරාගම වැව ආශ‍්‍රිතව එක් හෝටලයක් ඉදිකර අවසන් කර ඇති අතර තවත් හෝටල් දෙකක් ඉදිකරමින් තිබේ. ගැටලූව නම් මෙම ඉදිකිරීම් තුනම පවතින්නේ පරිසර සංවේදී කලාපයක වීමයි. ජාතික පාරිසරික පනත ප‍්‍රකාරව වැව් රක්ෂිතයක උපරිම ජල ධාරිතා මට්ටමේ සිට මීටර් 100ක් ඇතුළත ප‍්‍රදේශය හඳුන්වනු ලබන්නේ පරිසර සංවේදී කලාපයක් ලෙසය. මෙවැනි කලාපයක් නම් කිරීමේ අවශ්‍යතාව වන්නේ වැව් පරිසරයට මෙම කලාපය තුළ සිදුවන ක‍්‍රියාකාරකම් ඍජුවම බලපෑම් කිරීමයි.
මේ වනවිටත් විශාල ප‍්‍රමාණයේ උත්සව ශාලාවක් සඳහා ඉදිකිරීම සිදුකර තිබෙන්නේද සාරාගම වැව් රක්ෂිත භූමිය තුළයි. මෙය වැවට මීටර් 20ක දුරකින් ඉදිකර ඇති අතර අපවහන ජලය බැහැර කිරීමේ ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන්නේ නැත. පරිසර පද්ධතියේ පවතින සුන්දරත්වය නිසා මේ වනවිට මෙම උත්සවශාලාව කුරණෑගල ප‍්‍රදේශය තුළ ජනප‍්‍රිය උත්සව ශාලාවක් බවට පත්ව තිබෙන අතර එම සුන්දරත්වයට ඒ හේතුවෙන් හානි සිදුවීම ආරම්භ වී ඇත්තේ මෙම හෝටලයේ අපද්‍රව්‍ය කෙළින්ම වැවට මුදාහැරෙන නිසාය. එසේම ක‍්‍රමවත් රථවාහන නැවතුමක් නොමැති වීමෙන් මෙම හෝටලයට පැමිණෙන බොහෝ රථවාහන නවතා තැබෙන්නේ වැව් පිටිය තුළය. මෙකී ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදුනොකර ඇතිවාක් මෙන්ම නියමිත පරිදි අවසර ලබාගැනීමේ ක‍්‍රියාවලීන්ද සිදුව නැත. මෙම ඉදිකිරීමට වයඹ පළාත් පරිසර අධිකාරියේ අවසරය මෙන්ම කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හා කුරුණෑගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේද අනුමැතිය ලැබී තිබුණද පාරිසරික බලපෑම් ඇගැයීමක් නොමැතිව කිසිදු ඉදිකිරීමක් කිරීමට නෛතික බලයක් නොමැත. මේ පිළිබඳ වයඹ පරිසර අධිකාරිය අදාළ පාර්ශ්වයන් වෙත යවනු ලබන දැනුම්දීම් මඟින්ද පිළිගෙන ඇත. නමුත් වයඹ පරිසර අධිකාරිය තමන් විසින්ම පිළිගෙන ඇති එකී සම්මුතීන් බිඳදමමින් අදාළ ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීම ගැටලූකාරීය.
වයඹ පරිසර අධිකාරියේ ER NWPEA-PEA/PKG/ SC/HT/M/942/2010 හා කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ BA/2012/294 යන එන්.වී.ඒ. ප‍්‍රියන්ත නමින් ලබාදුන් අනුමැතීන් මත ඉදිකරගෙන යන මහල් හතරකින් යුතු කාමර 10ක් සහ උත්සව ශාලාවක් සහිත ඉදිකිරීම වැවට මීටර් 8ක දුරකින් ඉදිවන්නක් වන අතර මෙම ඉදිකිරීමටද පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදුකර නොමැත. මෙම ඉදිකිරීමේද කිසිදු පරිසරයට හානිදායක නොවන පරිදි අපද්‍රව්‍ය හා අපජලය බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් හෝ සැලසුමක් පෙන්වා දී නොමැත.
කේ.ආර්.සී. රාජපක්ෂ නම් පුද්ගලයෙකු වෙත වයඹ පරිසර අධිකාරිය ER NWPEA-PEA/PKG/SC/HT/L/498/2011 යන දාතම මඟින් ලබාදී ඇති අනුමැතිය මත මේ වනවිට සිදුකරගෙන යන ඉදිකිරීම වැවට මීටර් 50ක් දුරින් එනම් වැවේ පරිසර සංවේදී කලාපය තුළ පිහිටා තිබුණද පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදුකර නොමැත. මෙම ඉදිකිරීමද කාමර 9කින් හා මහල් දෙකකින් යුතු විශාල ප‍්‍රමාණයේ උත්සව ශාලාවක් සහිත ව්‍යාපෘතියකි.
මෙම සියලූ ව්‍යාපෘතිවලට වයඹ පළාත් පරිසර අධිකාරිය කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර ඇති අතර එම බොහෝ කොන්දේසි මෙම ව්‍යාපාරිකයන් අමු අමුවේ උල්ලංඝනය කරන බව එකී හෝටල් නිරීක්ෂණයෙන් අවබෝධ කරගැනීමට හැකි විය. මේ පිළිබඳ සොයා බැලීමේ බාරය ඇති වයඹ පළාත් පරිසර අධිකාරියේ කිසිදු නිලධාරියෙන් මේ වනතෙක් අදාළ පරිසර හානිය පිළිබඳ කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. මේ පිළිබදව වයඹ පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් සේනානායක මහතාගෙන් කළ විමසීමකදි ප‍්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතියට පරිසර බලපෑම් ඇගැයීමක් අවශ්‍ය නොවන බවයි.
විමුක්ති දුෂාන්ත රාවණසිංහ.
රන්දිව News, 2014 ජනවාරි 05 වැනිදා ඉරිදා
No comments:
Post a Comment