Butterfly Symphony

ජයන්ත චන්ද්‍රසිරි අවශ්‍ය කර තිබේ..!



ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කතා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //




වසර ගණනකට පසු ලාංකීය බහුතර සිනමා ප්‍රේක්ශකාගාරයට ප්‍රේමය හඳුනා ගැනීමේ ඉඩ ජයන්ත චන්ද්‍රසිරි උදා කර තිබේ. ලාංකීය සිනමා නිර්මාණයක් සමඟ සසඳා කතා කරනවාට වඩා, සමනල සංධවනිය ගැන බොලිවුඩ් සිනමා කෘති සමඟ සන්සන්දනය පහසුය. ස්ටෝරී ෆිල්ම් එකක් ලෙස ගත හැකි සමනල සංධවනිය බහුතර හින්දි ප්‍රේම සිනමා කෘතිමෙන් ෆැන්ටසි වාදී නැත. සමනල සංධවනිය යනු යථාර්තවාදී කතාවකි. යථාර්තවාදී සිනමා නිර්මාණයක් බහුතර ප්‍රේක්ෂකාගාරය ආක්‍රමණය කිරීම පුදුමාකරය. ජිවිතයේ පට්ට ඇත්ත
දකින්නට මිනිසුන් සිනමා ශාලාවට එන්නට එතරම් ප්‍රිය නොවීම එයට හේතුව සේ හැඟේ. එහෙත් එකී අනුභූතියෙන්  සමනල සංධවනිය වෙනස් වන්නටත් බහුතර ප්‍රේක්ෂකාගාරය සමනල සංධවනිය ආදරයෙන් වැළඳ ගැනීමත් පිටුපස ඇත්තේ ආදරය දුර්ලභ වීම බව මට සිතේ. එකී දුර්ලභ ආදරය සැබෑ ලොවින් ලබා ගැනීමට අපොහොසත් ප්‍රේක්ෂකයා සමනල සංධවනිය සොයා එති. පුන්‍යාගේ ආදරය තමන්ගේ කරගෙන සිටින ඔවුහූ පැය දෙකකට පසු නිර්ධය  ලෙස පීඩිත වෙති. සිනමාකරුවා කෘතිය අවසානයේ ඉතිරි කරන්නේ ප්‍රේක්ශකයගේ සැබෑ ජිවීතය ගැන කලකිරීමකි.


සැබවින් ම  සමනල සංධවනිය වෙනස් ආරක් ගන්නේ එතැන් සිටය. සමනල සංධවනිය පශ්චාත් සිනමා අත්දැකීමකට ප්‍රේක්ෂකයා යොමු කරයි. සිනමා ශාලාවෙන් එළියට පැමිනි මොහොතේ සිට ප්‍රේක්ෂකයා ආදරය සොයයි. පුන්‍යා මෙන් ගැහැනු සැබවින් ම පතයි. එහෙත් යථාර්තය තුල පුන්‍යා ඔවුන්ට සොයා ගත හැකිද? සමාජීය ගැටුම ඇරඹෙන්නේ එතැන් සිටය.... පුන්‍යාගේ ආදරය කුණුකොල්ලයට විකුනා පුන්‍යාට පුන්‍යා අහිම කරවූ දා සිට පුන්‍යා නැත. පුන්‍යාගේ කන්‍යාභාවය පමණක් නොව ආදරය ද විනාස කල වුන් ම යලිත් තම ජීවිතයට පුන්‍යාගේ ආදරය පතයි. එහෙත් පුන්‍යාට තවත් ආදරය කරන්නට හිතක් වත් නොතබා එකී හදවත විනාස කලේ තමන්ම බව දන්නේ කවුරුන්ද? 

සමනල සංධවනිය යථාර්තවාදී සිනමා කෘතියක් වුවද, පුන්‍යාගේ ආදර හුදෙක් ෆැන්ටසියක් ම වන්නේ තිඹිරී ගෙයින්ම පුන්‍යා ගේ ප්‍රේමය කප්පාදූ වන වත්මන් සමාජ ක්‍රමය නිසාවෙනි. එහෙයින් සමනල සංධවනිය, අපේ ජිවීතවලට අපි ම අහිමි කරගත් පුන්‍යා ගැන අපූරුවට සිහි කර දෙන කතාවකි.
ජයන්ත චන්ද්‍රසිරි තවත් අවශ්‍ය මහරජ ගැමුණු වැනි ඉතිහාස කතා පට්ට ගහන්නට නොවේ, ලෝකයට ජිවිතය, ආදරය ගැන මතක් කර දෙන්නටය. මිනිසා මිනිසෙකු ම කිරීමටය.


අපිට අපේ නොවන අපේම ආදරයක් අපේ කරගත හැකි වන්නේ කවදාද?






ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...








විමුක්ති දුෂාන්ත රාවණසිංහ.

No comments:

Post a Comment