ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව.
ශ්‍රී ලංකාව යනු හෙළයන්ගේ නිජබිමයි. එහෙයින් හෙළයන් යනු කවරහුදැයි පළමුකොට ම සලකා බැලීම වටී. හෙළයන් යනු සරලව ම හෙල බිමේ ජනිත වූවන්ය. ඔවූහූ මීට වසර 30,000 කට පමණ පෙර එක් රජෙකු යටතේ සංවිධානගත වූ බව කලාශූරී අරීසෙන් අහුබුදු සූරීහු පවසයි.
මේ රටේ මුල් යුගයේදී ලංකා දිවයිනට රජ කෙනෙක් නොසිටිය අතර එයට පිළිතුරක් යක්ෂ ගෝත්රිනකයින් තම රජු පත් කර ගැනීම උදෙසා රට පුරා යැවූ අණ බෙරයක් යැවීමට තීරණය කරයි. එය රට පුරා යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් යැවුණු අතර දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි.
මේ රටේ මුල් යුගයේදී ලංකා දිවයිනට රජ කෙනෙක් නොසිටිය අතර එයට පිළිතුරක් යක්ෂ ගෝත්රිනකයින් තම රජු පත් කර ගැනීම උදෙසා රට පුරා යැවූ අණ බෙරයක් යැවීමට තීරණය කරයි. එය රට පුරා යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් යැවුණු අතර දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි.
අනබෙරය
සියලු අංගං සටන් දන්නා,
සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,
දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,
කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා.
ඉහත අණබෙරයට සවන් දුන් රුහුණේ ගොවියෙක් වූ මනු නැමැත්තා මඩ සෝදාගෙන පැමිණ දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හීතල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි. මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන යක්ෂ ගෝත්‍රික රජු ලෙස බිහිවෙයි. කලාශූරී අරීසෙන් අහුබුදු සූරීහුගේ විග්‍රහය අනුව හෙළ ජාතිය නිර්මාණය වුයේ ගොත් සතරක මුහුවෙනි. (ගෝත්‍ර )
1. යක් ගොත (යක් වැඩ හෙවත් කම්මල් වැඩ කළ ගෝත්‍රය )
3. රකුස් ගොත (රක්ෂා කටයුතු හෙවත් හෙළය ආරක්ෂා කළ ගෝත්‍රය )
4. අසුර ගොත (අස්වැද්දුම් වැඩ හෙවත් ගොවිතැන් කටයුතු කළ ගෝත්‍රය )
මීට වසර 300,000 කාලයෙහිදී හා සමහරවිට මීට වසර 500,000 තරම් ඈත අතීතයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැරැණි ශිලා (හෝමෝ එරෙක්ටස්) ජනයා දිවි ගෙවූ බවට සාධක සපයා ගෙන ඇත. මීට වසර 125,000 පමණ වන විට ශ්‍රී ලංකාව තුල ප්‍රාග් ඓතිහාසික ජනාවාස පැවැති බවට බලවත් සාක්ෂි පවතියි.
මධ්‍යම කඳුකරයේ මහ එළිය හෙවත් හෝර්ටන් තැන්න ප්‍රදේශයෙන් මීට වසර 15,000- 20,000 ක අතර කාලයේ දි වගා කිරීම සඳහා හොර්ටන් තැන්න ගිනි තබා ඇති බවට සාධක කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්‍යාලයේ චතුර්තක භූ ගර්භ විද්‍යා ආයතනය හා උත්සලා විශ්ව විද්‍යාලයේ විද්වතුන් විසින් සිදු කරන ලද ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳව පරීක්ෂණයේ දී ලැබී ඇති අතර ඔවුන් විසින් බාර්ලි සහ ඕට්ස් වගා කර ඇති බවට තහවුරු වී ඇත. එමගින් ලංකාවේ එවක කෘෂිකර්මාන්තය දියුණු ලෙස පැවති බව පිලිගත හැක. ක්‍රිස්තු පූර්ව 6000 ට ඉහත මෙසොලිතික යුගයට අයත් සෙන්ටිමීටර 4 පමණ දිගින් යුත් කුඩා ග්‍රැනයිට් ආම්පන්න, මැටි බඳුන්, දැවී ගොස් ඉතිරි වූ දැව කැබලි සහ භූමිදානය සඳහා තිබුණු මැටි බඳුන් කලටුවාව, වාරණ රජ මහා විහාර ආශ්‍රිත කැණීම්වලින් හමුවී ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ පුර්ව ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී බලංගොඩ, බටදොඹ ලෙන,පාහියංගල වැනි ස්ථාන මෙන් ම ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතාවන් ද පෙන්නුම් කෙරේ. එමෙන්ම බයිබලයේ සඳහන් වන සුප්‍රසිද්ධ වෙලඳ නගරයක් වන ටාර්ෂිෂ් (Biblical Tarshish) නගරය දැනට ගාල්ල නගරය විය හැකි බව පුරාව්ද්‍යාඥ ජෝන් එමර්සන් ටෙනට් විසින් පෙන්වා දී ඇත.
ලියුවේ:- විමුක්ති දුෂාන්ත රාවණසිංහ.මූලාශ්‍ර: විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය |
No comments:
Post a Comment